
නව රජයේ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස පත් කළ වාසුදේව නානායක්කාර මහතා සිය ධූරයේ වැඩ භා ගැනීමට පැමිණ තිබුණේ පත්විම් ලිපිය නොමැතිවය.වැඩ භාර ගැනීමේ කටයුතු කරන අතර තුර ඒ සඳහා අවශ්‍යය කටයුතු සැළසුම් කළ නිලධාරියාට ඔහු පැවසුවේ තමන්ට පත්වීම් ලිපිය නැතිව වැඩ භාර ගන්නට දීම වැරදි වැඩක් බවය.
කෙසේ හෝ අමාත්‍යවරයා ඒ මොහොතේම අයෙක් පිටත් කර යවා සිය පත්වීම් ලිපිය අදාළ නිලධාරීන්ට භාර දීමට කටයුතු සැළසුම් කර තිබිණි.
ඔහුගේ නව අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම යෙදී තිබුණේ අගෝස්තු 13 වන දා ය.