මගේ ඉලක්කය 2022 – නාමල් කියයි

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ගේ වැඩි අවධානය යොමුවෙන්නේ පාසල් ක්‍රීඩාව නඟා සිටිවීමට බව නව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.ඒ නිසා තමා 2022 ඉලක්ක කරගෙන වැඩ කටයුතුවලට යොමු වන බව ඔහු පෙන්වා දෙනවා.තමන් අදහස් කරන්නේ හොඳ ප්‍රතිපල ලබන්නටනම් බිම් මට්ටමේ පහසුකම් පුළුල් කිරීම බවද නව අමාත්‍යවරයා කියා සිටියා.
අමාත්‍යවරයා මේ අදහස් පැවසුවේ හම්බන්තොට ක්‍රියාත්මක වෙරළ මත ලිස්සා යාම,වෙරළ පාපන්දු සහ වෙරළ වොලිබෝල් ඇතුළත් වෙර ක1ීඩා උටෙ සහභාගි වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිිළිතුරු ලෙසයි.එසේම වැඩි දුරටත් එහිදි අදහස් දැක් වූ ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වෙරළ ක්‍රීඩා කෙරෙහිද තමන්ගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන බවයි.

මේ සමඟ දැක්වෙන්නේ ක්‍රීඩා උළෙලේ අවස්ථා කිහිපයකි

Recommended For You

About the Author: Editor