සිරිසේන ශ්‍රී ලංකා එක කෑවා චන්ද්‍රිකාගෙන් චෝදනාවක්

හටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරයක කුමාරුතුංග හිටපු ජනාධිපති මෛත්‍රීපාලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර දැමූ බවට චෝදනා කරන්නීය.සිරිසේන පක්ෂෙ කෑවා.දැන් ශ්‍රී ලංකා එකටත් අලුත් නායකත්වයක් ඕනි.එහෙම වුණොත් මාත් පැත්තක ඉදන් උදව් කරනවා යනුවෙන් ද ඇය පවසයි.
“අපේ පක්ෂයේ සභාපතිට මොකුත් නෑ..ලේකම්ට බතික් අමාත්‍යාංශය..ඒකට ආයතන මොකුත් නෑ…” යනුවෙන් නව අමාත්‍ය මණ්ඩලය නම් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වී ඇති සැළකිල්ල සම්බන්ධයෙන් ඇය කණස්සල්ල පළ කළාය.
“ශ්‍රී.ල.නි.ප. ය ගැන මට කණගාටුයි..අඬන්නද හිනාවෙන්නද කියලා තේරෙන්නේ නෑ…සිරිසේන කැත විදිහට පක්ෂය විනාශ කළා..බැනුම් ඇහුවා යනුවෙන් පැවසූ හිටපු ජනාධිපතිණිය රාජපක්ෂලාගේ පාලනයට තමා කිසිසෙත්ම කැමති නැති වුණත් ඔහු ශක්තිමත් නායකයෙක් බව ද පැවසුවාය.

Recommended For You

About the Author: Editor