
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ගලබොඩවත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ පක්ෂයේ ලේකම්වරයා හැටියට සැඟවී සිට බින් ලාඩන් මෙන් වීඩියෝ දදා ඉන්නෙ නැතුව පැමිණ ප්‍රශ්නය විසඳිමට වේදිණිගම විමලතිස්ස හිමි මැදිහත් විය යුතු බවයි.
පක්ෂයේ නාම යෝජනා අත්සන් තබන දවසේ දුටුවා විනා එම භික්ෂුව මැතිවරණ ව්‍යාපාරය තුළදීවත් දකින්නට නොලැබුණ බව කියන ඥාණසාර හිමියන් තමන් වහන්සේට ප්‍රශ්න කතා කරන්න පාර්ලිමේන්තු යාමම අත්‍යවශ්‍යය නැති බව පැවසීය.
අපි ඉස්සර කළා වගෙම කරනවා.ඒ කළේ පාර්ලිමේන්තු ගිහිල්දැයි ඇසූ ඥාණසාර හිමියන් නමුත් මේ ඇති වී තිබෙන තත්ත්වය ලැජ්ජා සහගත බැවින් එය විසඳන්නට මැදිහත් විය යුතුව ඇතැයි ද පැවසීය.