තිබෙන ව්‍යාකූල තත්ත්වයන් සැළකිල්ලට ගෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා වන සංකල්ප පත්‍රිකාවක් පළමු කැබිනට් මණ්ඩල රැස්වීමටම ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.
රූපවාහිනි සංවාදයකදී තව දුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තමාට දුන් උපදෙස් අනුව මෛ ව්‍යවස්ථා සංශෝධනය නව රජයේ ප්‍රමුඛතා කාර්යයක් ලෙස සළකා ක්‍රියා කරන බව පෙන්වා දුන්නා.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති ධූර කාලය වසර පහක් වීම වෙනස් නොවන බවත්,අගමැතිගේ උපදෙස් පරිදි ජනාධිපති ධූර කාලය දෙවතාවකට සීමා කර තැබෙනු ඇති බවත් මෙම සාකච්ඡාවේදි නව අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවා.