

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට ඉදිරියේදී පත්වනු ඇති බව එම පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පැවසෙනවා.එහි පැවසෙන්නේ ඒ සඳහා සූදානමක් ලෙස තරුණයන්ට නව වගකීම් පවරමින් ක්‍රියාකාරී යාන්ත්‍රණයක් සකසන බවයි.
නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණි අය එක්සත් ජාතික පක්ෂ නායකත්වය මේ මොහොතේ කරු ජයසූරිය අතට පත්වීමට පක්ෂ බවක් පෙනෙන්නට තිබෙනවා.ඒ බව සහතික කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී නාලක කොළොන්නේ පැවසුවෙත් වැඩි දෙනා මේ මොහොතේ කරු ජයසූරියගේ නායකත්වයට කැමැත්තෙන් සිටින බවයි