
සභාපති කුසලාන පාපන්දු කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගවලදී අනපේක්ෂිත පරාජයකට මුහුණ දෙන්නට පොලිස් කණ්ඩායමට සිදු විය.ඔවුන් සීහෝක්ස් කණ්ඩායම වෙතින් ගෝල 0 – 1 ලෙස පරාජයට පත් විය.එම අනපේක්ෂිත ජයග්‍රහණයට මඟ පෑදූ සී හෝක්ස් කණ්ඩායමේ එම් අස්මීර් තරඟයේ 58 වන විනාඩියේදී ජයග්‍රාහී ගෝලය ලබා ගත්තේය.
රත්නම් කණ්ඩායමට එරෙහිව ගෝල වර්ෂාවක් වැස්ස වූ සෙරන්ඩිබ් කණ්ඩායම ගෝල 6-2 ක් ලෙස එම තරඟයේ ජය වාර්තා කිරීමට සමත් විය.එහිදි සෙරනඩිබ් කණ්ඩායමේ ඊ.අසන්තේ ගෝල ත්‍රිත්වයක් ලබා ගත් අතර ආර්.අහමඩ් ගෝල 2 ක් වාර්තා කළේය.සෙරන්ඩිබ් ණ්ඩායමට ඉතිරි ගෝලය හිමි වුණේ එම්.ආසිර් ගෙන් ය.රත්නම් කණ්ඩායමට හිමි වූ ගෝල දෙක ආර්.ශාන්තන් සහ එස් චිත්‍රකුමාර් විසින් වාර්තා කළේය.
මේ අතර රෙඩ් ස්ටාර් ක්‍රීඩකයෝ ඊයේ සුපර් සන් කන්ඩායමට එරෙහිව පැවති තරඟය ගෝල 2- 0 ක් ලෙස ජය ගත්හ.එම්.රහමන් සහ ඩී.විජේසිංහ රෙඩ් ස්ටාර් කන්ඩායමේ ගෝලලාභියෝ වූහ.
ඊයේ පැවති තරඟවල තීරණයක් නොවිසදුණු තරඟය සෝන්ඩර්ස් කණ්ඩායම සහ ඩිපෙන්ඩර්ස් කණ්ඩායම අතර පැවතිණ.එහිදී දෙපිළම ගෝල දෙක බැඟීන් ලැබීය.එස්තමනුසූක් සහ කේ.මෙණ්ඩිස් රැස් කරන ලද ගෝල දෙක නිසා තරඟයේ පළමු අර්ධය නිමවන විට ඩිෆෙන්ඩරස් ක්‍රීඩකයෝ 2-0 ක් ලෙස පෙරමුණ ගත්හ.නමුත් දෙවන අර්ධයේදි තරඟයේ පාලනය සෝන්ඩර්ස් කණ්ඩායම සතුවිය.එම කණ්ඩායම වෙනුවෙන් එම්.නලීම් සහ එස්.නිරේස් ගෝල රැස් කළ ක්‍රීඩකයෝ වූහ.
අද දවසේ පස්වරු 3.30 ට ගමනා ගමන මණ්ඩල කණ්ඩායම සහ බ්ලූ ස්ටාර් කණ්ඩායම තරඟ වදින අතර එම ක්‍රීඩාංගණයේ 6.30 ට තරඟ වදින්නේ ක්‍රිස්ටල් පැලස් සහ කොළඹ පාපන්දු ලීගය ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ පොලිසියට අනපේක්ෂිත පරාජයකට පාර කැපූ සී හෝක්ස් කණ්ඩායමේ එම් අස්මීර් (15) පන්දුව සිය පාලනයට නතු කරගත් අවස්ථාවක්ය.