
රට පුරාම බරපතල කහ හිඟයක් පවතින බව පෙන්වා දෙන සමඟ ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ නිසා ගෘහනියන් පිඩාවට පත්ව ඇති බව පෙන්වා දෙයි.
ඊයේ දෙමටගොඩ ශ්‍රී වික්‍රමසිංහාරාම විහාර්ස්ථානයට සහ බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්තානයට පැමිණ එම විහාරස්ථානවල තත්ත්වය නිරීක්ෂණය කරමින් සපැමිණි ජනතාව සමඟ ද අදහස් හුවමාරු කරගත් සජිත් ප්‍රේමදාසයන් මාධ්‍ය වෙත තව දුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ වර්ථමාන ආණ්ඩුවට ජනතාවට සේවය කරන්න උදා වූ අවස්ථාවේ වහාම අත්‍යවශ්‍යය භාණ්ඩවල මිල අඩු කර ජනතාවට සහනය ලබා දෙන්නට කටයුතු කරන ලෙසය.