
මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ඊයේ (අගෝස්තු 13) වැඩ භාර ගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩ භාර ගැනීම කුරුණෑගලදී සිදු කළ අතර ඊයේම ඔහු කුරුණෑගල නගරයේ තදබදය නැති කිරිම සඳහා ඉදි කරනු ලබන උමාං මාර්ගයට මුල් ගල් තැබීමද සිදු කළා.
එසේම කුරුණැගල මාර්ගයක කාපට් ඇතිරීමද සිදු කළ ජොන්ස්ටන් අමාත්‍යවරයා අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම වඩා ප්‍රායෝගික වැඩ සටහන් කිහිපයක් හරහා සනිටුහන් කිරීම විශේෂ සිදුවීමක් වුණා.ඒ ගැන අදහස් දක්වමින් අමාක්‍යවරයා පෙන්වා දුන්නේ ශීතකාමරයක සිට වැඩ ආරම්භ කිරීමට වඩා මේ රට සංවර්ධනය කරන වැඩ පිළිවෙල ගැන සිතා තමන් වැඩ භාර ගැනීම සහ වැඩ ආරම්භ කිරීම පාරක් අයිනේ සිට සිදු කරන්නට තීරණය කළ බව පෙන්වා දුන්නා.