නලවන වගකීම බැසිල්ට

අමාත්‍යංශ විෂයයන් බෙදී යාමේදී ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ට ප්‍රමානවත් බලතල නොමැති ආකාරයට බලතල බෙදීම සිදු වී ඇති කියමින් කණස්සල්ලට පත් වී සිටින පිරිස සැනසීමේ වගකීඹ බැසිල් රාජපක්ෂයන් භාර ගෙන තිබෙන බව වාර්තා වේ.
එවැනි රාජ්‍ය අමාත්‍යවරුන් සිය දුක් ගැනවිලි රැගෙන බැසිල් රාජපක්ෂ හමුවට පැමිණි අවස්ථාවේ එතරම් හදිසියෙන් නැවත බලතල බෙදි යාම සංශෝධණය කිරිම කළ නොහැකි බව පෙන්වා දී ඇති රාජපක්ෂයන් එය ඉදිරියේදී නිවැරදි කරන තෙක් වැඩ කරගෙන යන ලෙස උපදෙස් දී ඇත.
නමුත් ඒ සඳහා බලතල නොමැතිව අමාත්‍යංශ නිලධාරීන්ගේ සහයෝගයක් නොැබෙන බව පෙන්වා දීමෙන් අනතුරුව අදාළ අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දීමේ වගකීම ද බැසිල් රාජපක්ෂ්‍යන් විසින් භාර ගෙන ඇත.

Recommended For You

About the Author: Editor