
සජිත් ප්‍රේමදාස මහතාගේ මුහුණු පොතේ ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් සමඟ තැබූ සටහනක් උපුටා ගෙන සිය මුහුණු පොතේ පළ කරමින් ඊට සටහනක් තබන්නට වත්මන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර තිබුණා.
ඔහු තබා තිබූ සටහනේ මෙසේ දැක්වෙනවා.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් සමග දේශපාලනමය හා ප්‍රතිපත්තිමය වශයෙන් මා එකග නොවුනත් එතුමන් තුළ තිබු ක්‍රීඩා කුසලතාවය අගය කරන අතර රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම සදහා අප සැවොම පක්ෂ පාට භේදයෙන් තොරව එක්විය යුතුය.
ඔහු එම සටහන තබා තිබුණේ සජිත් ප්‍රේමදාසයන් මෙම ඡායාරූපය පළකරමින් ඔහුගේ මුහුණු පොතේ තබා තිබුණු · “සුගතදාස ක්‍රීඩාංගණය විවෘත කරන උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නගරසභා මන්ත්‍රීවරු අතර සුහද පාපන්දු තරගයක් පැවැති අතර එහිදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරමින් පාපන්දු ක්‍රීඩාවේ යෙදුනු අයුරු.” මෙම සටහනද සිය මුහුණු පොතේ බෙදා ගනිමින්.
මෙහි ඡායාරූපයක් ලෙස පළ කර ඇත්තේ නාමල් තබා ඇති සටහන සහ සජිත් ප්‍රේමදාස පළ කල ඡායාරූපය යි.