ට්‍රම්ප්ගෙන් එඩ්වර්ඩ් ස්නෝඩන් ගැන වෙනස් කතාවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජාතික ආරක්ෂක ඒජන්සියේ සේවක සහ එහි අභ්‍යන්තර ක්‍රියාකාරකම් පිළිබඳ හෙළිදරව් කළ නළා හඬවන්නකු වන එඩ්වර්ඩ් ස්නෝඩන් පිළිබඳ පෙරදී දැරූ ස්ථාවරයට වඩා වෙනස් යමක් ප්‍රකාශ කර තිබෙනවා.
ට්‍රම්ප් මීට පෙර අවස්ථාවල ස්නෝඩන්ව හඳුන්වා දුන්නේ ද්‍රෝහියකු ලෙසයි. එහෙත් නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත හා කළ සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පවසා ඇත්තේ ස්නෝඩන්ට අසාධාරණ ලෙස සැලකූ බව බොහෝ දෙනා සිතන බවත් තමන්ට ද ඒ අදහස් අසන්නට ලැබෙන බවත්.


මේ ප්‍රකාශය සමගම එඩ්වර්ඩ් ස්නෝඩන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස වන ඉල්ලීම් නැවත මතුවී තිබෙනවා.
ස්නෝඩන්ට පක්ෂ පිරිස් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරමින් ඇමරිකානු ජනතාව පිළිබඳ පවා ඔත්තු බලන ක්‍රියාකාරකම් හෙළිදරව් කළ ස්නෝඩන් පිටුවහල්ව සිටියදී, එම වැඩසටහන් ක්‍රියාවට නැගූ පිරිස් ඉහළ තනතුරුවල සිටීම පිළිගත නොහැකි බවයි.


එඩ්වර්ඩ් ස්නෝඩන් විසින් සිදුකරන ලද හෙළිදරව් කිරීම්වලින් පසු ඔහු වෙනත් රටක දේශපාලන රැකවරණ බලාපොරොත්තු වූ අතර අවසානයේ ඔහු රුසියාවේදී වෙනත් රටකට යන්නට නොහැකිව කොටුවුණා. පසුව එරට විසින් ඔහුට දේශපාලන රැකවරණ ලබා දුන්නා. ඔහු දැනට රුසියාවේ ජීවත් වනවා.

Recommended For You

About the Author: Editor