
බෙලරූස් රාජ්‍යයේ නොබෝදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිනොගන්නා බව යුරෝපා සංගමයේ විදේශ කටයුතු ප්‍රධානී ජෝසප් බොරෙල් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සිකුරාදා යුරෝපා සංගම් විදේශ ඇමතිවරුන් මේ පිළිබඳ කළ සාකච්ඡාවකින් අනතුරුවයි.
මේ අනුව මෙම මැතිවරණ දූෂණයට දායක වූවන් මෙන්ම ඉන්පසු සිදුවන විරෝධතා මර්ධනයට ක්‍රියා කරන්නන්ට එරෙහිව සම්බාධක පැනවීමට යුරෝපා සංගමය සූදානම් වනවා.
බෙලරූස් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව වත්මන් ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝ සියයට 80 ඉක්මවූ ඡන්ද ලබාගත් බව සඳහන් වුණා. එහෙත් විපක්සය මෙම ප්‍රතිඵලය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂිකාව වූ ස්වෙත්ලානා ටිහනොව්ස්කායා මේ වනවිට ලිතුවේනියාවට පළාගොස් සිටිනවා. එමෙන්ම ජනාධිපතිවරණ රාත්‍රියේ පටන් තවමත් ඊට එරෙහිව උද්ඝෝෂණ පවතිනවා.