උප ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්ගේ ශ්‍රී ලාංකික – ඇමරිකන් මාණ්ඩලික ප්‍රධානියා

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා වන්නේ ශ්‍රී ලාංකීය දමිළ යුවළකගේ දියණියක වන රෝහිනී කොසොග්ලු යි.
රෝහිනීගේ පියා වෛද්‍ය විජයවේන්ද්‍රන් රවීන්ද්‍රන් නම් වන අතර මව ශෝබනා රවීන්ද්‍රන් නම් වනවා. ඔවුන් යාපනයේ වැසියන් වූ අතර 1980 දශකයේදී ඇමරිකාවට සංක්‍රමණය වුණා.


හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට සම්බන්ධ කෙනඩි පාසැලේ දේශපාලන විද්‍යා විද්‍යාර්ථියකු වන රෝහිනී කොසොග්ලු මිචිගන් සරසවියෙන් සහ ජෝර්ජ් වොෂිංටන් සරසවියෙන් අධ්‍යාපනය ලැබූවෙක්. ඇය මුලින් මිචිගන් සෙනට් සභික ඩෙබී ස්ටැබ්නෝ යටතේ සේවය කර ඇති අතර පසුව කොලරාඩෝ සෙනට් සභික මයිකල් බෙනට්ගේ සෞඛ්‍ය සේවා උපදේශක ලෙස කටයුතු කළා. කමලා හැරිස් සෙනට් සභාවට තේරීපත් වූ පසු ඇගේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙසයි රෝහිනී කොසොග්ලු සේවයට එක් වී තිබෙන්නේ.
ඩිමොක්‍රටික් උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් පත්වීම ඓතිහාසික අවස්ථාවක් බවයි කොසොග්ලු ප්‍රකාශ කරන්නේ.

Recommended For You

About the Author: Editor