
මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කළ පිරිස සමඟ සුහද සාකච්ඡාවක නිරත වුව ද නායකත්වය හෝ ජාතික ලැයිස්තු මංත්‍රී ධූරය යන කාරණා සම්බන්ධයෙන් එකඟතාවයකට නො’පැමිණ සාකච්ඡාව නිමා වී ඇත.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවට සහභාගි වූ අය වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පිරි නමා ඇති අතර මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් සියයට 80 ක් පමණ මේ සඳහා සහභාගි වී ඇත.
රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා මේ ප්‍රහ්නය තව දුරටත් වර්ධනය වෙන්නට දෙන බවක් එම සාකච්ඡාවට සහභාගි වූ අපේක්ෂකයින් කිහිප දෙනෙකුම “ලංකා ෆාස්ට් නිව්ස්” වෙත අදහස් දක්වමින් පැවසීය.