
මෙවර පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ සුපර් එයිග්ට් වටයේ සීසීසී සහ සැරසන්ස් කණ්ඩායම් අතර තරඟය අද කොළඹ එසඑස්සී ක්‍රීඩා පිටියේදී ඇරඹුණ අතර දිවා භෝජනයෙන් ටික වෙලාවකට පසු පළමුව පන්දුවට පහර දුන් සීසීසී කන්ඩායම ලකුණු 142 ට සම්පූර්ණයෙන් දැවි ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන්ය.
තරඟාවලිය ඇරඹි පළමු සතියේදී එම තරඟ කාණ්ඩයේ එකම පූර්ණ ජයග්‍රහණය වාර්තා කර සිටි කුසල් මෙණ්ඩිස් මෙහෙයවන සිසීසී කණ්ඩායම වෙනුවෙන් එහි ආරම්භක පිතිකරු මිනොද් භානුක වගකීම් සහගත පිතිකරණයක නියැලෙමින් කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමානය වූ ලකුණු 142 න් ලකුණු 92 ක් රැස් කරත් ඔහුගේ උත්සාහය විශාල ලකුණු පූවරුවක් නිර්මානය කරන්නට හේතු නොවිණ.මුළු සීසීසී ඉණිමේම ඉලක්කම් දෙකේ අගය සහිත ලකුණවාර්තා වූයේ තුනක් පමණි.මිනෝද් හැරුණු විට රොන් චන්ද්‍රගුප්ත (10) සහ අශාන් ප්‍රියන්ජන (22) ඒ අතරට එක් වූ අනෙක් පිතිකරුවන් දෙදෙනා විය.
කසුන් රාජිත එස්එස්සී තණනිල්ලේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට සිය කණ්ඩායමේ නායක මිලින්ද සිරිවර්ධන ගත් තීරණයට ඉහළම සාධාරණය ඉටු කරමින් ලකුණු 63 ට කඩුලු 5 ක් දවා ගත්තේය.ඔහුට අනගි සහයක් ලබා දුන් සාලිය සමන් ලකුනු 33 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.