
ජනාධිපති ගෝඨාභව රාජපක්ෂයන් විසින් නව පාර්ලිමේන්තුව ඉදිරියේ සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.නව පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වෙන අගෝස්තු 20 වන දින පෙරවුරු 9.30 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදි ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසා ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.ඒ පස්වරු 2.00 ට ඇරඹෙන මංගල රැස්වීමේ මුලසුන දරමින්ය.