ලංකාවේ පොලිසිය අංගොඩ ලොක්කා ගැන ඉන්දියාවෙන් තොරතුරු ඉල්ලා නැහැ හින්දු පුවත්පතේ තමිල්නාඩු කළාපය වාර්තා කරයි

අද (අගොස්තු 15) පළ කරන හින්දු පුවත්පතේ තමිල්නාඩු කළාපයට අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් විමර්ශණාත්මක වාර්තාවක් සපයන විල්සන් තෝමස් ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න උපුටා දක්වමින් පවසන්නේ “ලොක්කා සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු නොකළ බව ඔහු ප්‍රකාශ කළ බවය.
“ඔහුට ඉන්දියාවට පලා යන්නට ඇතැයි සැක සහිතයි. ඒ පිළිබඳව අපට තහවුරු කිරීමක් නොමැති බැවින් අපි ඒ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් කිසිදු තොරතුරක් ලබාගෙන නොමැත.හින්දු පුවත්පත ඒ සම්බන්ධයෙන් ජාලිය සේනාරත්න පැවසූ බව වාර්තා කරන්නේ ඒ ආකාරයටයි.
දැඩි විමර්ශනයක් කරමින් තොරතුරු උපයාගෙන ලියූ සටහනක් බව පෙනෙන්නට තිබෙන එම ලිපියේ කොළඹින් කිලෝ මීටර් 12 ක් දුරින් ජීවත් වූ අංගොඩ ලොක්කා නොහොත් මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා කරන ලද අනිසි ව්‍යාපාර සහ නීති විරෝධි කටයුතු ලෙස මිනීමැරුම්, නීතිවිරෝධී වැලි කැණීම්, ඉඩම් ගොඩකිරීම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි දේ පෙන්වා දෙයි.එසේම කළුතර බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තකට රැගෙන එමින් සිටි “සමයං ඇතුලු පාතාල නායකයන්ගේ ඝාතනය පිළිබඳවද තෝමස් මේ සටහනේ කරුණු දක්වා ඇත.
එසේම මෑතකදී ලොක්කාගේ මත් දුව්‍ය ප්‍රවාහනය සදහා යොදා ගත් බවට ප්‍රකාශ වූ බඩ සුදු රාජාලියා සම්බන්ධයෙන් ද අද, හින්දු පුවත්පත තොරතුරු වාර්තා කර ඇත.මන්නාරමේ සිට සමයන් ඝාතනයෙන් පසුව මන්නාරමෙන් පළා ගිය තොරතුරු වාර්තා කරන ශ්‍රී ලංකා පොලිසිය, තෝමස් විසින් පාඨකයාගේ සිතේ ප්‍රශ්න කිරීමකට ලක් කරන්නේ, සිය සටහනට “දිවයිනේ උතුරු පළාතේ බටහිර කෙළවරේ පිහිටා ඇති මන්නාරම ඉන්දියාවට ආසන්නතම ස්ථානය වන අතර එය වෙන් වී ඇත්තේ පටු පටු ෆොක් සමුද්‍ර සන්ධියෙනි” යන්න එක් කරමින්ය.අද (අගොස්තු 15) පළ කරන හින්දු පුවත්පතේ තමිල්නාඩු කළාපයට අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් විමර්ශණාත්මක වාර්තාවක් සපයන විල්සන් තෝමස් ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න උපුටා දක්වමින් පවසන්නේ “ලොක්කා සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු නොකළ බව ඔහු ප්‍රකාශ කළ බවය.
“ඔහුට ඉන්දියාවට පලා යන්නට ඇතැයි සැක සහිතයි. ඒ පිළිබඳව අපට තහවුරු කිරීමක් නොමැති බැවින් අපි ඒ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් කිසිදු තොරතුරක් ලබාගෙන නොමැත.හින්දු පුවත්පත ඒ සම්බන්ධයෙන් ජාලිය සේනාරත්න පැවසූ බව වාර්තා කරන්නේ ඒ ආකාරයටයි.
දැඩි විමර්ශනයක් කරමින් තොරතුරු උපයාගෙන ලියූ සටහනක් බව පෙනෙන්නට තිබෙන එම ලිපියේ කොළඹින් කිලෝ මීටර් 12 ක් දුරින් ජීවත් වූ අංගොඩ ලොක්කා නොහොත් මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා කරන ලද අනිසි ව්‍යාපාර සහ නීති විරෝධි කටයුතු ලෙස මිනීමැරුම්, නීතිවිරෝධී වැලි කැණීම්, ඉඩම් ගොඩකිරීම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි දේ පෙන්වා දෙයි.එසේම කළුතර බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තකට රැගෙන එමින් සිටි සමයං ඇතුලු පාතාල නායකයන්ගේ ඝාතනය පිළිබඳවද තෝමස් මේ සටහනේ කරුණු දක්වා ඇත.
එසේම මෑතකදී ලොක්කාගේ මත් දුව්‍ය ප්‍රවාහනය සදහා යොදා ගත් බවට ප්‍රකාශ වූ බඩ සුදු රාජාලියා සම්බන්ධයෙන් ද අද, හින්දු පුවත්පත තොරතුරු වාර්තා කර ඇත. සමයන් ඝාතනයෙන් පසුව මන්නාරමෙන් පළා ගිය තොරතුරු වාර්තා කරන ශ්‍රී ලංකා පොලිසිය, තෝමස් විසින් පාඨකයාගේ සිතේ ප්‍රශ්න කිරීමකට ලක් කරන්නේ, සිය සටහනට දිවයිනේ උතුරු පළාතේ බටහිර කෙළවරේ පිහිටා ඇති මන්නාරම ඉන්දියාවට ආසන්නතම ස්ථානය වන අතර එය වෙන් වී ඇත්තේ පටු ඉන්දියානු වෙරළට අභිරහස් ලෙස ගොඩ බට ශ්‍රී ලංකාවේ පාතාල ක්‍රියාකාරිකයෙකු වන අංගොඩ ලොක්කා නොහොත් ප්‍රදීප් සිං නොහොත් මදුමාගේ ලසන්ත චන්දන පෙරේරා අභිරහස් ලෙස ප්‍රශ්න කිහිපයකට පිළිතුරු නොදී මියගොස් තිබෙන බව විල්සන් තෝමස් වාර්තා කරන්නේය


ගුවන්තොටුපලේ සිට කිලෝමීටර පහකට අඩු දුරින් පිහිටි ඝෝෂාකාරී නොවන කොයිම්බතූර් හි බාලාජි නගර් හි අවන්හලක් පවත්වාගෙන යන බ්‍රින්ඩවානම් මේ සිදුවීම නිසා මේ වන විට මැර කල්ලියක් සහ ජාතීන් දෙකක් සම්බන්ධ නඩුවක සාක්ෂිකරුවෙක් බව තෝමස් පවසයි.ඔහු සිය අසල්වැසියා දැන සිටියද ඔහු අංගොඩ ලෝක්කා නම් ලද පාතාල නායකයෙක් බව දැන ගන්නේ අසල්වැසියාගේ නිවස අසල පොලිසිය ගැවසෙන විටය.එසේම රූපවාහිණිය ඒ මරණය ගැන බිහිසුණු විදිහට හදිසි ප්‍රවෘත්තියක් ලෙස ඉදිරිපත් කරද්දීය.
“හිරු බැස යෑමෙන් පසු සතියකට වරක් හෝ දෙවරක් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මගේ වෙළඳසැල පසු කර ළඟම ඇති කුණු බඳුනට ඇවිද ගිය ඔහු නැවත සිය නිවසට යන විට, දෝසා හෝ ගිතෙල් රෝස් කිරීම සඳහා ඇණවුමක් ලබා දී එය පාර්සල් කර රැගෙන ගියා විනා අමතර වචනයක්වත් කතා නොකරන බව බ්‍රින්ඩවානම් ගේ සේවකයෝ පවසති.“පොලිසිය පැමිණ විශාල පච්චයක් ඇති මිනිසෙකුගේ ඡායාරූපයක් අපට පෙන්නුවා.ලොක්කා සමඟ මතකය අවදි කරමින් එම සේවකයෙක් තව දුරටත් පවසන්නේ සමහර දිනවල කාන්තාවක් ඔහු සමඟ ගිය බවය.ඒ 27 හැවිරිදි ශ්‍රී ලංකාවේ අමානි තන්ජි ලෙස දැන් හඳුනාගෙන තිබේ.
මේ වන විට ඔහුගේ සීමාසහිත හැසීරීම්වලට අදාළ වූ ප්‍රදේශයේ බොහේ දෙනෙක් ප්‍රශ්න කිරීම්වලට ලක් ව ඇත. “ඔහු කතා කළේ බිඳුණු දෙමළ භාෂාවෙන්. සංවාදය බොහෝ දුරට ඔහුට අවශ්‍ය සිගරට් වෙළඳ නාමයට පමණක් සීමා වුණා.ඔව්හූ ඒ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටිති.
එහෙත් විශාල බැදීමක් නොතිබි ඉන්දිය පොළවේ ඔහු හා දැඩිව නොබැඳුණු අය මේ මරණයේ සැකයට,හෙළිදරව් කර ගැනීමට අවශ්‍යය දත්ත සොයා ගැනීමට බැඳගෙන ඇත.නමුත් ඔහු සමඟ සැබෑඳි සැබෑ අපරාධ ඉතිහාසය සම්බන්ධයෙන් නිසි පරිදි වගකියන්නේද යන්න තෝමස් සිය ලිපියේ යටි පෙළින් දිවෙන්නට හරින දේ ලංකාවේ බොහෝ වගකිව යුතු තැන් උලුප්පා විමසන්නට බල කිරීමකි.ලංකාවේ සියලු වගකිවයුතු ආයතන තෝමස්ගේ සටහන තුළ ප්‍රශ්නගත වන ආකාරය සෘජු ප්‍රශ්න කිරීමකින් තොර වීමම අපූරුය.අපේ රටේ නීතිය කෙතරම් ගැඹුරට බැස ඒ ඇත්ත නීතියේ රැහැනින් බැද දමන්නේදැයි අප පමණක් නොව ඉන්දියාවද බලා සිටිනවා සැක නැත.
කෙසේ නමුත් දැන් ඉන්දියාවේ පොලිසියද මේ මරණය නිසා අපවාදයට ලක් වෙමින් ඇත.ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිවරයෙකු පවසා ඇත්තේ “අංගොඩ ලොක්කා” සහ එම කානත්තාව ජීවත් වූ නිවස ප්‍රාදේශිය පොලිසියේ අවධානයට ලක් වූයේ නම් ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකියාව තිබුණු බවය.
දැනටමත් ව්‍යාජ ලිපි ලේඛන සැකසීම පිළිබඳව නීතිඥවරියක මෙන්ම ඇයගේ සහය නීතිඥවරයා ලොක්කාගේ බිරිඳ සමඟ අත් අඩංගුවේ පසු වන්නේය.ඒ අනන්‍යතාවය සහතික කරන ලියවිලි සැකසීම, මරණය රෝහලෙන් ලබා ගැනීමට ඒ ලේඛණ උපකාරී කර ගැනීම මෙන්ම ඒවා වසං කිරීම සහ ඊට අනුබල දීම යන කාරනා ගණනාවක් සම්බන්ධයෙන්ය.නීතිඥ සිවකම සුන්දරී සහ බිරිඳ හැටියට පෙනි සිටි තන්ජි මුලදීම අත් අඩංගුවට පත් වූ අතර ඒ සඳහා කණිස්ඨ නිතිඥ එස්.දයානේෂ්වරන් ද දැන් එක් වී ඇත.
වාර්තා වන ආකාරයට පරීක්ෂනවලින් පැහැදිළි වෙමින් තිබෙන්නේ ඔහු ඉන්දියාවේ තවත් තැන්වල ජීවත් වී ඇති බවය.එසේම ප්‍රදීප් සිං යන නමින් ආධාර කාඩි පත ලබා ගෙන ඇත්තේ බටහිර බෙංගාලයෙන් බව ද 2017 දී ඔහු චෙන්නායි නුවරදි නීතී විරෝධි ලෙස පැමිණීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වි ඇති බව ද පරීක්ෂණ කරන ඉන්දීය විශේෂ පොලිස් කණ්ඩායම් අනාවරණය කර ගෙන තිබේ.අනතුරුව ඔහු එහිම සිටියේද නැවත ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇත්තේද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගන්නට එම පරීක්ෂණ කන්ඩායම් අසමත් වුව ත්,දැනට මිය ගොස් සිටින්නේ “අංගොඩ ලොක්කා” බව තන්ජි,සිවකම සුනුද්රි සහ දයානේෂ්වරන් ව ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කර ගෙන තිබෙනවා යන්න පොලිසියේ විහ්වාසය බව තෝමස්ගේ සටහන පෙන්නා දෙනවා.
එහෙත් ඇති වී තිබෙන සංකීර්ණ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සිටින ඥාතින් ගේ සහ අංගොඩ ලොක්කාගේ ජාන පරික්ෂාවක්ද කිරීමට පරීක්ෂණ කණ්ඩායම්වල අවාධානය යොමු වි ඇති අතර ඒ සමඟම 2017 වසරේදී චෙන්නායි පොලිසිය මඟින් කරන ලද අත් අඩංගුවට ගැනිමේදි ලබා ගත් ඇඟිළි සළකුණු පරික්ෂාව කෙරෙහිද පොලිස් කණ්ඩායම්ව අවධානය යොමු වි තිබෙනවා.
දයානේෂ්වරන් ලොක්කාට පදිංචි නිවස කුලි පදනම මත ලබා ගැනීමට උදව් කර තිබෙනවා.ඔවුන් එහිදි පෙන්නා දී තිබෙනනේ ප්‍රදීප් සිං ගේ බිරිද ඩුබායි යාම සඳහා ටික කාලයකට පැමිණෙන බවයි.ඉකුත් මාර්තු මස ඇය පැමිණියද කොවිඩි තත්ත්වය නිසා ගුවන් ගමන් නතර විමේන් ඇයට යාමට නොහැකි වූ බව තන්ජි පොලිසියට කළ පාපොච්ඡාරණයේදී පවසා තිබෙනවා.
අසල්වැසියන්ගෙන් ලැබුණු තොරතුරු මත මේ නිවසට නිතර ආහාර ඇණවුම් කර ගෙන්වා තිබෙනවා.නමුත් තවමත් ඔහු භාවිතා කළ දුරකතනයක් හෝ පරිගනකයක් සොයා ගැනීමට පරික්ෂණ කණ්ඩායම්වලට හැකි වී නැති අතර ඔවුන්ට හමු වි ඇත්තේ නිවසේ තිබු සිංගප්පූර් සහ ඇමෙරිකානු ඩොලර් ය.
අවධානය මේ වන විට එල්ටීටීඊ සම්බන්ධකම් කෙරෙහිද යොමු වි තිබෙන අතර ඊට ප්‍රධාන වශයෙන් බල පා තිබෙන්නේ සිවකම සුන්දරිගේ පියා පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ මීට පෙර අත් අඩංගුවට පත් වූ අයෙක් වීමයි.එසේම ඇයගේ ගිණුම් හරහා විශාල මුදලක් සැක සහිත සහ අසාමාන්‍ය විදිහට සංසරණය වි තිබෙන බව ද එම වාර්තා පෙන්වා දෙනවා.
මේ අතර අංගොඩ ලොක්කා තමාට රඟපෑම සඳහා අවශ්‍යතාවයක් තිබෙන බව පවසා සිය නාසයේ හැඩය වෙනස් කර ගන්නට ද උත්සාහ කරගෙන තිබෙනවා.ඒ ප්ලාස්ටික් සැත්කමක් මඟින්.එයට ද සුන්දරී සහ දයානේෂ්වරන්ගේ උපකාරය ලබා ගෙන තිබෙනවා.මේ සටහන සමඟ පළවන ඡායාරූපයද ඒ නාසයේ සැත්කම සඳහා ගිය විට ගත් එකක්.නමුත් දැන් සිවසම සුන්දරීම පවසන්නේ එයින් විශාල වෙනසක් නොවුණු බවත් තමාට එම සැත්කම කුමක් අපේක්ෂාවෙන් ඔහු කරේද යන්න සිතා ගැනීමට අපහසු බවත් ය.
මේ වන විට රටවල් දෙකක විමර්ශනයට ලක් වන මේ අපරාධකරු සම්බන්ධ කතාව ගැන ඉන්දීය බලධාරීන් සිටින්නේ ද යම් සසැලුණු තත්ත්වයකයි.මේ මිය ගිය පුද්ගලයා සැබවින්ම අංගොඩ ලොක්කානම් ඔවුන්ට අනුව ඔහු පැමිණි දිනය සහ ඒ කෙසේද යන්න සොයාගත යුතු වෙනවා.මෙහිදී ඔවුන්ගේ අනෙක අදහස වන්නේ විදේශීය මැර කල්ලියක් සිටීම යන්න සොයා ගැනීමට නොහැකි වුණේ මන්ද යන්නත් සොයා ගැනීම්වලට ඇතුළත් විය යුතු බවයි.
ඉතිරි පරීක්ෂණ කටයුතු සඳහා අංගොඩ ලොක්කාගේ ජාන පරීක්ෂණ වාර්තා මෙන්ම ඇඟිළි සළකුණු ද මේ වන විටත් ඉන්දීය පරීක්ෂණ කණ්ඩායම් වෙත යොමු කරන්නට ශ්‍රී ලංකාවේ පොලිසිය කටයුතු කරන බව ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසා තිබෙනවා.මේ කරුණු වැඩි කාලයක් නොගොස් ප්‍රශ්න කිරීම්වලදි සොයා ගත් හැකියි.එවිට රටවල් දෙකකට ඔහු කෙතරම් බලපෑමක් කළ අපරාධකරුවෙක්ද යන්නත් වඩාත් හොඳින් දිග හැරෙනු ඇති.

මේ විමර්ශනාත්මක සටහනට.හින්දු පුවත්පතට සහය දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මීරා ශ්‍රී නිවාසන් ය.

*උපුටා ගත්තේ නිශ්මං රණසිංහ




Recommended For You

About the Author: Editor