
සෙසු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත තමන්ට කතානායක තනතුර ලැබේද? නොලැබේද? යන්න තීරණය වනු ඇති බවත් එම ධූරය භාරගැනීමට තමාගේ අකමැත්තක් නැති බවත් මහින්ද යාපා අබේවර්ධන පවසයි.
පොදුජන පෙරමුණ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කර ජයග්‍රහණය කළ ඔහු ඊයේ (අගොස්තු 15) සිය ජයග්‍රහණයට උරදුන් පාක්ෂිකයින්ට ස්තූති කිරිමට වැලිගම පැනෑටියන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකට සහභාගි වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ මෙසේ අදහස් පළ කර තිබිණ.