
හම්බන්තොටදී පැවත්වෙන ෆිට් ක්‍රීඩා සමාජය සහ හම්බන්තොට දිස්ත්‍රික් පාපන්දු සංගමය එක්ව පවත්වන වෙරළ ක්‍රීඩා උළෙලේ ඊයේ (අගොස්තු 15) පැවති තරඟවල දී රළ මත ලිස්සා යෑමේ (සර්ෆින්) ඉසව් සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද එක් ව සිටියා.
එහි ආරම්භක දිනය වූ පෙරේදා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ක්‍රීඩා අමාත්‍යවරයා වෙරළ ආශ්‍රිත ක්‍රීඩා දියුණු කිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු වී තිබෙන බව ද මාධ්‍යයට පැවසුවා.
මේ තරඟවලියට අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා මූලිකව කටයුතු කරන්නේ ලංකාවේ ක්‍රියාත්මක එකම ජාත්‍යන්තර මලල ක්‍රීඩා ඉසව්ව ලෙස සැළකෙන “කළම්ඹු මැරතන් තරඟාවලිය සංවිධානය ලංකා ස්පෝර්ට්ස් රයිසින් (එස්එල්ආර්) ආයතනය යි.එහි හිමිකරු තිලක් වීරසිංහ සර්ෆින් ක්‍රීඩාවේ අති දක්ෂයෙක් මෙන්ම වර්ථමාන ක්‍රීඩා අමාත්‍යවරයාගේ බිරිඳගේ පියා ද වෙනවා.