පැය 1929 සිට මාව විශ්‍රාමිකයෙකු ලෙස සලකන්න – දෝනි මම මේ ගමනට ඔබ හා එක්වීමට තීරණය කරමි – රයිනා

ඉන්දියාව බිහි කළ අති විශිෂ්ඨම ක්‍රිකට් නායකයෙක් වන මහේන්ද්‍ර සිං දෝනි ඊයේ (අගොස්තු 15) පස්වරු 7.29 ට සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ඒ මොහොතේ සිට තමා විශ්‍රාමිකයෙක් ලෙස පිළිගන්නා ලෙසයි.එය දුටු වහාම ක්‍රියාත්මක වන සුරේෂ් රයිනාද සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තබන සටහනේ “මගේ හදවතින්ම ආඩම්බරයෙන්, මම මේ ගමනට ඔබ හා එක්වීමට තීරණය කරමි. ඉන්දියාවට ස්තූතියි.”යනුවෙන් සඳහන් කරනවා.

දෝනි ඉන්දීය ක්‍රිකට් පිටියේ එක්තරා යුගයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.පාළක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි පැහැදිළිව ඒ ගැන තබන සටහනකින් කියන්නේ ඒ සමුගැන්ම යුගයක නිමාව බවයි.පාළක මණ්ඩලයේ ලේකම් ජේ ෂාට අනුව ඔහු නූතණ යුගයේ ශ්‍රේෂ්ඨයන්ගෙන් කෙනෙකි.

ඔහු නායකයෙක් ලෙස සියලු ආරේ ක්‍රිකට් ක්‍රීඩාවන්ගෙන් ඉන්දියාව පළමු තැනට ඔසවා තැබුවා.ලෝකයම ඔහුගේ නායකත්ව ගුණාංගවලට මහත් සේ ගරු කරන තත්ත්වයකට පත් කර ගන්නට දෝනිට හැකි වුයේ ඔහු ඉතා වගකීමෙන් තරඟයක් ජයග්‍රහණයකින් කෙළවර කරන්නට පිත්තෙන් දක්වන හැකියාව නිසාම නොවේ. නායකත්වයේ ඔටුන්නත් සමඟ කණ්ඩායමේ ජයග්‍රහණයේ වගකීම සාමාන්‍යයෙන් දෙ’උර මත තබාගෙන ජයග්‍රහණය වෙත යාම අපහසු කාර්යයක් වුව දෝනි ඒ සමබන්ධයෙන් ප්‍රදර්ශනය කළ සැහැල්ලු බවම ඔහු විශිෂ්ඨයෙක් කියන්නට ප්‍රමානවත්.

කඩුල්ල පිටුපස සිට විශිෂ්ඨ කඩුලු රැකීමක් කරන තරමටම ප්‍රතිවාදියා අධ්‍යයනයකද නිරත වෙන දෝනි ඒ හැදෑරීම් නායකයෙකු ලෙස ඉන්දියාවේ ජයග්‍රහණයක් බවට පෙරළන අයුරු විශිෂඨයි.නිසි වේලාවට පන්දු යවන්නන් වෙනස් කරමින් ද,පන්දු රකින්නන් යොදවමින් ද ඔහු තරඟයක් ගමන් කරමින් සිටින දිශාව වෙනස් කරන අයුරු අපූරුයි.ඒ නායකත්වයේ අපූරු බව නිසාම 2007 දී ඉන්දියාව 20/20 ලෝක සූරතාවයට සමීප වුණා.2011 දී ඉන්දියාව එක්දින ලෝක සූරයන් බවට පත් කරන්නටත් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයට හැකි වුණා.2009 දී ඔහුගේ නායකත්වය යටතේම ඉන්දීය කණ්ඩායම ටෙස්ට් වර්ගීකරණයේ අංක එක ලෙස වැජඹුණා.

දේශසීමා නැතිව ක්‍රිකට් හදවත්වල ඔහු වීරයෙක්.විශිෂ්ඨ නායකයෙක්.ඒ වගෙම ආදර්ශවත් මතකයක් හැටියට මේ සමුගැන්මේ ස්වභාවයත්, ලෝකයට ඉතුරු කිරීම වැදගත්.විශේෂ සමුගැන්මේ තරඟ ගැන හිත හිතා ඉන්නට කාලය වැය නොකළ දෝනි ක්‍රීඩාවේදී ඔහුව අගය කරන්නට හැකි තරම් දේ උපන් දේශයට ලබා දී නික්ම යාමෙන් ලබා දෙන ආදර්ශය ඉන්දියාවේ පමණක් නොව,ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශිෂ්ඨයෙක් ලෙස සමුගැනීම ගැන අලුතෙන් හිතන්නට මාවතක් උදා කර තිබෙනවා.

එයට කදිම ආදර්ශය සපයන සුරේෂ් රයිනා තමාගේ ක්‍රිකට් ජීවිතයේ දුටු අති විශිෂ්ඨම නායකයා දෝනි බව නිරන්තරයෙන් සිහි කිරීමෙන් නොනැවතී ඒ සමුගැනීම සමඟ එක් වීමටද තීරණය කරනවා.ලොවම ගරු කරන අති විශිෂ්ඨ ක්‍රීකට් ක්‍රීඩකයෙක් ලෙස අවිවාදයෙන් පිළිගන්න දෝනි වැන්නෙක් සමඟ සමුගැනිමේදි රයිනා වැනි ක්‍රීඩකයෙකුගේ විශිෂ්ඨත්වයට හිමි විය හැකි තැන කුඩා බව දැන දැනත් ඔහු සිය නායකයා සමඟ අවංකවම සමුගැනීමට එක්වීමට තීරණය කිරීම අගය කළ යතු වැඩක්.

දෝනි සහ රයිනා දෙදෙනාම දේශ සීමාවන්ගෙන් ඔබ්බට පැමිණ බලන විට,ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ගත් විට ඔබ දෙදෙනාම එය වර්ණවත් කළ සුවිශේෂී සුවිශිෂ්ඨයන්.එහි තර්කයක් නැහැ.ඒ නිසා සචින් තෙණ්ඩුල්කාර් දෝනි වෙනුවෙන් තැබූ සටහනේ අගට ලියා තිබෙන ආකාරයෙන්ම lankafastnews.com දෝනි ට මෙන්ම රයිනාට ද සුබ පැතීමට තීරණය කළා.

“ඔබේ දෙවන ඉනිමට ඔබටත් ඔබේ පවුලේ අයටත් සුබ පතමි.”

Recommended For You

About the Author: Editor