රාජ්‍ය සේවයේ හැඩය වෙනස් කිරිම ගැන ජනපතිට සහ අගමැතිට පවසන්න බැසිල් සූදානම්

ව්‍යුහාත්මක සහ පරිපාලනමය වශයෙන් රාජ්‍ය සේවයේ වෙනස්කම් ඇති කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට තමා බලාපොරොත්තුවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පවසයි.
අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු, රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මෙරට ශ්‍රම බලකාය කළමනාකරණය ද සිදුකළ යුතු බව සහ අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේ දී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බවත් පෙන්වා දුන්නේය.
යටිතල පහසුකම් සංවර්ධනයට සීමා නොවී පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන එක්රැස් කරගන්නා දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බව ද මෙහදී ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපතිවරයා අවධාරණය කළේය

Recommended For You

About the Author: Editor