
ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසිහි නැෂ්විල් හි පිහිටි මියුසික් දුර දිවීමේ සැණකෙළියට සහභාගි වෙමින් හිරුනි විජේරත්න මීටර් 5000 ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබන්නට සමත් වූවාය.ඒ සුජීවා නිල්මිණි ජයසේන සතුව පැවති විනාඩි 16:21.18 වාර්තාව විනාඩි 16:17.51 දක්වා ඉදිරියට ගෙන එමින්ය.
ඒ ඇය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පොතේ හිමි කර ගන්නා දහවන වාර්තාවය.මීට පෙර මාර්ග තරඟවලදී ඇය මැරතන්,(02:34:10)අර්ධ මැරතන් (1:14:07),සැතපුම් 1 (05:01.57),කි.මී.5 (16:02),කි.මී.10 (33:31.6),කි.මී.15 (52:44) කී.මී.25 (1:32:53) සහ කි.මී.30 (1:48:20) ඉසව්වල වත්මන් වාර්තාකාරියව සිටින්නීය.එසේම ඇය මීටර් 10000 ඉසව්වේද ජාතික වාර්තාලාභිණිය වන්නීය.
ඇය මෙම වාර්තාව තැබූ තරඟයේ එම තරඟයේ 15 වන තැන හිමි වූ අතර ඇය පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා තරගකාරී වටපිටාවක නොසිටි බවත් මෙම තරගය ගැන ඇයට දැන ගන්නට ලැබුණේ සතියකට පමණ පෙර බවත්ය.ඒ කාලය තුළ සූදානම් වී ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකා ජයග්‍රහණයක්,වාර්තාවක් වීම පිළිබඳව ඇය උද්දාමයට පත් වුවත්,වඩා හොඳ සැළසුමකින් තරඟකාරී ඉලක්කයක් සහිතව සූදානම් වූවානම් මේ ජයග්‍රහණය මීටත් වඩා ඉහළ තලයක පවතින්නට තිබිණ.ඇමෙරිකාවේ පවතින දැඩි වසංගත තත්ත්වය සමඟ ගැටෙමින් නිරන්තර පුහුණුවක ඇය සිටියද,පවතින තත්ත්වය සමඟ තවත් තරඟ අවස්ථාවක් ගැන ඇයට තවමත් තොරතුරු නැත.එවැනි අවිනිශ්චිත තත්ත්වයක වුව අනපේක්ෂිතව ලද තරඟ අවස්ථාව ශ්‍රී ලංකා වාර්තාවකින් නිම කරන්නට ලැබීම ඇයගේත් ශ්‍රී ලංකාවේත් මලල ක්‍රීඩාව තැබූ ආශිර්වාදයකි.
අපි ඇයට හදවතින්ම සුබ පතමු.මීට වඩා යහපත් සමාජ පරිසරයක,ලෝකයට අභියෝග කළ හැකි වඩාත් සුවිශේෂි ජයග්‍රහණ සොයා යන්නට ඇයට සවිය හා දිරිය පතමු.