ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සහෝදරයා මියයයි


ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සහෝදරයා වන රොබර්ට් ට්‍රම්ප් මියගොස් තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් නිව් යෝර්ක් හි රෝහල්ගත කෙරුණ පසු ඔහු මියගිස් ඇත්තේ සෙනසුරාදා රාත්‍රියේයි.


ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් කරමින් කියා සිටියේ තමාගේ හොඳම මිතුරා අහිමි වූ බවයි.
රොබර්ට් ට්‍රම්ප් මියයනවිට 71 වන වියේ පසුවුණා. ඔහු ඩොනල්ඩ්ට වඩා නිහඬ අයෙක්. කලක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරවල මෙන්ම ඔවුන්ගේ පියාගේ ද ව්‍යාපාරවලට රොබර්ට් සම්බන්ධ වී සිටියා.

Recommended For You

About the Author: Editor