රත්තරන් වෙන බිත්තර මිල

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කුකුළු ගොවිපළවල සතුන් ඇති කිරීම ප්‍රමාණාත්මකව අඩු වීම,නව සතුන් ඇති කිරීම කෙරෙහි අවධානය හීනවීම මෙන්ම,සතුන් ආනයනය ඇනහිටීම මෙන්ම සත්ව ආහාර සඳහා සහල් භාවිත කිරීමට පැනවූ තහනමත්,දේශීය වෙළදපොලේ සත්ව ආහාරවල මිල ඉහළ යාමත් නිසා මේ දිනවල සීඝ්‍රයෙන් ඉහළ යන බිත්තර මිල පාලනයට සත්ව ආහාර අමුද්‍රව්‍යවල මිල අඩු කිරීමට මැදිහත් වෙන්නැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලයි.
රට වසංගත තත්ත්වය පදනම් කරගෙන තීරණ ගන්නා මොහොත වන විට බිත්තර මිල රුපියල් 18 – 20 අතර පැවති අතර රජය එය රුපියල් 10 දක්වා පාලව මිලකට ගෙන ඒමට උත්සාහ දැරුවද එය සාර්ථක නොවීය.වර්ථමානය වන විට ඉහත කී තත්ත්වයන් තුළ නිෂ්පාදනය සඳහා දරන මුදල ඉහළ යාම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 25 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත.එසේම මේ තත්ත්වය හමුවේ කුකුණ ගොවිපළ හිමියාද අර්බූදයකට ලක් වෙමන් තිබෙන අතර රටේ ලක්ෂ 85 ක් ව පැවති සාමාන්‍ය දෛනික පරිභෝජනය ද සියයට 30 න් පහත වැටී ඇත.

Recommended For You

About the Author: Editor