
වයස අවුරුදු 16 ක දරුවෙක්ව අමානුෂික වධ හිංසනයකට ලක් කිරීමට යොදා ගත් ධීවර යාත්‍රාවේ බලපත්‍රය අවලංගු කිරීමට පියවර ගත් බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසයි.ඔහු ඊයේ මාතර රෝහල වෙත ගොස් හිංසනයට පත් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ද විමසා බැලීමට කටයුතු කර ඇත.
බලපත්‍රය අහෝසි කරන ලද ධිවර යාත්‍රාවේ හිමිකරුවා මෙන්ම,තවත් සිව් දෙනෙක් මෙම දරුවා වධ හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් අගෝස්තු 28 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.