
අගෝස්තු 20 වන දින ආරම්භ වීමට නියමිත නවවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස ගැසට් කර ඇති සියලු දෙනා ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.
දැනට ගැසට් කර ඇති මන්ත්‍රීවරුන් 223 දෙනාටම පාර්ලිමේන්තු මහාලේකම්වරයා විසින් නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගි වන ලෙස ලිකිතව දැණුම් දීමක් කර තිබෙන අතර සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිය දිව්රුම්දීම එදිනට සිදුකිරීමට නියමිත බවත්,කතානායකවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කරගැනීම එදින සිදු කිරීමට නියමිත බවත් එම ලිපියේ සඳහන් කර තිබෙන බව ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.