ලෝක උරුමය මැදින් පාරක්

සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරය මැදින් නෙළුව සහ දෙනියාය යා කරමින් මාර්ගයක් ඉදි වෙමින් පවතින බවත්,ඒ නිසා ඇති විය හැකි පාරිසරික අවධානමත් පෙන්වා දෙමින් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය ජනපතිවරයා දැනුවත් කරන්නට කටයුතු කර ඇත.
ජනාධිපතිවරයාට එම සංවිධානය යොමු කළ ලිපියෙන් කියැවෙන්නේ පාරිසරික ලෝක උරුම 2ක් ඇතුළුව ලෝක උරුම 8ක් ඇති ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා වුණත් ලෝකයේ වැඩිම ලෝක උරුම ස්ථාන තිබෙන රට බවය.රටට ආවේණික ශාඛ සහ සත්ත්ව විශේෂ දහස් ගණනක් පවතින සිංහරාජය සුවිශේෂ සම්පතක් බවත්,සුවිශේෂී උරුමයක් බවත් එම ලිපියෙන් අනාවරනය කරයි.
අඩි 12ත් 20ත් අතර පළලකින් ඉදිවන මෙම මාර්ගය නිසා ප්‍රදේශයේ දැඩි නායයාම් අවදානමක් මතුව ඇතැයි ද වැසි වනාන්තර සුරැකිමේ සංවිධානය එම ලිපිය මඟින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.ඉදිකිරීම් ක්‍රියාවලියේදී ඉවත් කරන පස් ඟිං ඟගට වැටීමේ අවදානමක් පවතින බව මෙන්ම මේ ඉදිකිරීම් හේතුවෙන් ප්‍රදේශයේ කුඩා ජල මාර්ග අවහිර විමට ඇති ඉඩත් එම සංවිධානය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.
එසේම කිසිඳු ලිඛිත අවසරයකින් හා අවසර ලද ව්‍යාපෘති වාර්තාවකින් තොරව මෙම ඉදිකිරම් සිදුවෙමින් පවතින බව පෙන්වන එම සංවිධානය තව දුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ,මෙවැනි ඉදිකිරීම් සඳහා යාමේදී පාරිසරික නිර්දේශයන්ට අනුකූලව පරිසර අධ්‍යයනකින්ද පසු නිසි ක්‍රමවේදයක් යටතේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසය.

Recommended For You

About the Author: Editor