ගමේ ඉදලම රටේ ආර්ථිකය ගොඩ නඟනවා – ශෙහාන් සේමසිංහ

ග්‍රාමීය ආර්ථිකයේ සිට සමස්ත ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළකට රජය පිවිසෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ජනතාවට මුදල් ලැබෙන මුදල් සංසරණය වන වටපිටාවක් අපි ගොඩනගන බව පසවන අමාත්‍යවරයා වසර අවසානයේ ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ලේඛනය හරහා අවුරුදු හතරහමාරක කාලය තුළ පැවැති අඳුරු ආර්ථික පරිච්ඡේදය නිමා කර,නව පිබිදීමක් සමාජය තුළ ඇති කරන්නට හැකි වනු ඇතැයි පවසනවා.රට වෙනුවෙන් ජනතාවට බලාපොරොත්තු තබා ගන්න පුළුවන් සුබ අනාගතයක් නිර්මාණය කරන බව ද ඔහු එහිී පෙන්වා දුන්නා.

Recommended For You

About the Author: Editor