
සභාපති කුසලාන පාපන්දු තරඟාවලියේ දී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල කණ්ඩායමට එරෙහිව ගෝල 3-1 ක් ලෙස ජයග්‍රහණය කරන්නට බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සමත් වුණා.එම තරඟයේදී බ්ලූ ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් එම් මල්ෂාන් සහ සී ප්‍රනාන්දු තරඟයේ පූර්ව භාගයේදීම ගෝල ලබා ගැනීමට සමත් වුණා.තරගය අවසාන විනාඩිය කරා එද්දී ශ්‍රී ලංගම වෙනුවෙන් එස්.සන්ජීව් රැස් කර ගත් ගෝලය නිසා බ්ලූ ස්ටාර් කණ්ඩායමට 2- 1 ලෙස ජය තීරණය වෙමින් තිබියදී ක්‍රියාත්මක වූ බ්ලූ ස්ටාර් කණ්ඩායමේ කේ ඉෂාන් එම ජයග්‍රහණය තව දුරටත් 2-1 ලෙස වර්ධනය කර ගන්නට සමත් වුණා.
මේ අතර එම තරගාවලියේ ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම සහ කොළඹ පාපන්දු ලීගය අතර පැවති තරඟය 4-1 ලෙස නිමාවට පත් වුණේ කොළඹ පාපන්දු ලීගයේ අපරාජිත බව තව දුරටත් සුරක්ෂිත කරමින්.එහිදී කොළඹ පාපන්දු ලීගය වෙනුවෙන් ඉෂෙඩ්.ජොහාර් ගෝල ද්විත්වයක් වාර්තා කළා.එස් රසූනියා සහ එම්.ආකිබ් ද එක් ගෝලය බැගින් ලබා ගෙන කොළඹ පාපන්දු ලීගයේ ගෝල ප්‍රමානය 4 දක්වා ඉහළ දමන්නට දායක වුණා.ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබා ගැනීමට අයි අබා සමත් වුණා.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංගම කණ්ඩායම සහ බ්ලූ ඊගල් කණ්ඩායම අතර පැවති තරගයේ තියුණු අවස්ථාවක්.