
CNN ආයතනය විසින් කරන ලද සමීක්ෂණයක් අනුව ඇමරිකානු ජනාධිපතිවරණයේ ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ජනප්‍රියත්ව පරතරය අඩු වෙමින් ඇතැයි නැවතත් තහවුරුව තිබෙනවා.
සමීක්ෂණයට සහභාගී වූවන් අතුරින් සියයට 50 ක් දෙනා තමන් බයිඩන්ට ඡන්දය දෙන බව පවසා තිබෙනවා. ට්‍රම්ප්ට ඇත්තේ සියයට 46 ක සහයක්. කෙසේ වෙතත් තියුණු සටනක් පවතින ප්‍රාන්ත 15 කදී මෙම අගයන් පිළිවෙලින් සියයට 49 සහ සියයට 48 වනවා.
බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස්ව තෝරාගැනීම පිළිබඳ වැඩිපුර ඇත්තේ ධනාත්මක අදහස් බවයි මෙම සමීක්ෂණය කියා සිටින්නේ.
ඡන්දය දෙන වයස්වල පසුවන 1,108 දෙනෙකු මෙම සමීක්ෂණයට යොදාගෙන ඇති අතර ඉන් 636 දෙනෙකු තියුණු සටනක් පවතින ප්‍රාන්ත 15 හි වැසියන් වනවා.