
තුර්කිය සහ ග්‍රීසිය අතර මධ්‍යධරණියේ තෙල් සහ ගෑස් නිධි සඳහා කෙරෙන පරීක්ෂණ පිළිබඳ වන අර්බුදය තවත් අයහපත් අතට හැරෙමින් තිබෙනවා.
තුර්කිය විසින් Uruj Rais නම් නෞකාවක් මේ සඳහා යවා ඇති අතර ඊට පහර දීමට ග්‍රීසිය ක්‍රියා කළහොත් තමන් ප්‍රතික්‍රියා දක්වන බවයි තුර්කිය පවසන්නේ. ග්‍රීසිය චෝදනා කරන්නේ තුර්කිය තම සමුද්‍ර සීමා උල්ලංඝනය කරන බවයි.
මේ අතර තවත් නෞකා කිහිපයක් මෙම පරීක්ෂණ සඳහා යෙදවීමට තුර්කිය සැලසුම් කර තිබෙනවා.
ග්‍රීසිය තම හමුදා සීරුවෙන් තබා තිබෙන අතර සයිප්‍රසය ද තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටිනවා.