විජිත් විජේමුනිගේ අලුත්ම අනාවැකියට අනුව වසරක් ඇතුළත ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වෙනවා

ජ්‍යොතිශවේදී විජිත රෝහණ විජයමුනි පවසන්නේ වසරක් ඇතුළත ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය අහිමි වන බවය.තමා මීට පෙර කියූ සාර්ථක අනාවැකි කිහිපයක්ද මතක් කළ විජිත රෝහන පවසන්නේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙන්ම ඉන්දීය අගමැති මෝඩිගේ ජයග්‍රහණයද දකුණු ඉන්දීය දේශපාලනයේ සහයෝගයක් නැතිව සිඳුවන බව කිවේ තමන් බවය.
එසේම මහින්ද රාජපක්ෂයන්ගේ 2015 පරාජය ගැන ද තමන් අනාවැකියක් කී බව සිහිපත් කළ ඔහු,රාජපක්ෂලා කෘතගුණ නොදන්නා පිරිසක් බවට ද චෝදනා කළේය.
මෙවර මහමැතිවරණයට නාම යෝජනා නොදෙමින් බැසිල් රාජපක්ෂ අකෘතඥ තිරනයකට පිවිසි බව කි විජිත රෝහණ,ජෙනරාල් ෆොන්සේකාට සළකපු අකාරය ද විවේචනය කළේය.එසේම තමා දේශපාලනමය වශයෙන් විරුද්ධ වුව ද,චන්ද්‍රිකා බන්ඩාරනායක සිය සහෝදරයා දෙවැනි කොට මහින්ද රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය නොදුන්නේනම් අද රාජපක්ෂලාගේ භූමිකාවක් මෙරට දේශපාලනය තුළ දකින්නට නොලැබෙන බව ද ඔහු අවධාරනය කළේය.
ඔහුගේ දැඩි විවේචනයට ලක් වූ රාජපක්ෂ පවුලේ සාමාජිකයා වු බැසිල් රාජපක්ෂ සීඅයිඒ ඔත්තුකරුවෙක් ලෙස හඳුන්වන්නටද අමතක නොකළේය.
එම විඩියෝ සාකච්ඡාවට පහත සබඳතාවය හරහා පිවිසිය හැකිය.
https://youtu.be/qAMeptUHtR0

Recommended For You

About the Author: Editor