නවසීලන්ත මැතිවරණය කල් දමයි

නවසීලන්තයේ මහමැතිවරණය මාසයකින් කල් දැමීමට පියවර ගන්නා බව අගමැතිණි ජසින්ඩා ආර්ඩන් කියා සිටිනවා.
ඊට හේතු වී ඇත්තේ එරට තුළ කෝවිඩ්-19 ආසාදිතයින් නැවතත් වාර්තා වීමයි.
මේ අනුව සැප්තැම්බර් 19 වනදා පැවැත්වීමට නියමිතව තිබුණු මහමැතිවරණය ඔක්තෝබර් 17 වනදාට කල්දමා තිබෙනවා.


නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ අලුතින් ඇතිවූ කෝවිඩ්-19 ආසාදිත පොකුරෙහි මේ වෙද්දී ආසාදිතයන් 58 දෙනෙකු වාර්තා වන අතර 86 දෙනෙකු නිරෝධායනය කර තිබෙනවා.
නවසීලන්තය වසංගතය ඇරඹි සමයේම දැඩි ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ගත් අතර එයින් පසු ප්‍රජාව තුළ රෝගය පැතිරීම පාලනය වුණා. එහෙත් මෙම මස මුලදී දින 102 කට පසු නැවතත් රෝගීන් වාර්තා වීමත් සමග ඕක්ලන්ඩ් නගරයේ ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

Recommended For You

About the Author: Editor