
බෙලරූස් රාජ්‍යයේ බටහිර දෙසින් වන පෝලන්ත හා ලිතුවේනියා දේශසීමා ආශ්‍රිතව යුධ අභ්‍යාස සිදු කිරීමට සැලසුම්කර ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
මීට හේතු වී ඇත්තේ එරට බටහිරදිග දේශසීමා ප්‍රදේශයේ නේටෝ හමුදා ක්‍රියාකාරකම් වර්ධනය වීම බවයි ආරක්ෂක අමාත්‍යංශය කියා සිටින්නේ.
ග්‍රොද්නෝ නගරය ආසන්නයේදී අගෝස්තු 17-20 දිනවල මෙම යුධ අභ්‍යාස සිදු කෙරෙනු ඇති. ඒ සඳහා ගුවන් ආරක්ෂක බලකා මෙන්ම පැරෂුට් භටයින් සහ යුධ ටැංකි ද යෙදවීමට අපේක්ෂා කෙරෙනවා.
බෙලරූස් හි අගෝස්තු 9 වනදා පවත්වන ලද ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් විරුද්ධ පාක්ෂිකයන් ගෙනයන උද්ඝෝෂණ පිටිපස ද පෝලන්තය සහ ලිතුවේනියාව ආදී විදෙස් රටවල් සිටින බව බෙලරූස් රාජ්‍යය චෝදනා කරනවා