
නව රජය යටතේ පත්වීම් ලැබීමට නියමිත උපාධිධාරි රැකියාලාභින්ගේ නම් ලේඛනය අන්තර්ජාලයට යොමු කිරීමට පියවර ගෙන ඇත.රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති එම නාම ලේඛනය දිස්ත්‍රික් මට්ටමින් දැක ගැනීමට හැකිවන පරිදි එම අමාත්‍යංශය සතු https://www.facebook.com/pubadsrilanka/ මුහුනු පොතට ද එක් කර ඇත.
තෝරා ගනු ලැබූ රැකියාලාභීන්ගේ පත්වීම් ලිපි එම අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පැවසීය.