මාලේ මුහුදේ හිර වුණු ධිවරයන් “රත්තරන් ඇමති” දෙස බලා සිටියි

බේරුවල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා ගිය බෝට්ටු දෙකක ධීවරයන් 12 දෙනෙක් තමන් එම අවධානමෙන් මුදවා ගන්නා ලෙස “රත්තරන් ඇමතිතුමා” දෙස විශ්වාසයෙන් බලා සිටිති.
ඉන් එක බෝට්ටුවක පිරිස මාසයකට පමණ කාලයක් මුහුදේම රඳවා ගෙන සිටින අතර අනෙක් බෝට්ටුව මේ සටහන තැබෙන මොහොතවන විට මාලේ මුහුදු තීරයේ රඳවාගෙන දින 22 කි.
මාලේ ආරක්ෂක නිලධාරින් රැගත් බෝට්ටු තුනක ආරක්ෂාව මැද්දේ රඳවාගෙන සිටින මෙම ධිවරයන් 12 දෙනා සිය බෝට්ටුවල ආහාර පිස ගනිමින් කටයුතු කරන අතර,මාල දිවයිනේ මේ මොහොතේ කොවිඩ් 19 නිසා මුහුණ පා තිබෙන අවදානමද නෙතකා එහි සිටින ලාංකිකයන් තමන්ද ඉතා දුෂ්කර තත්ත්වයක ජීවත්වෙද්දී මේ පිරිසගේ ආහාරපාන මෙන්ම ඔවුන්ට සිය ඥාතීන්ව ඇමතිමටත්,වගකිව යුතු අංශ ඇමතීමටත් දුරකතන පහසුකම් පවා ලබා දෙමින් රැදී සිටීම අගය කළ යුතු ක්‍රියාවකි.
මාලේ ආරක්ෂක අංශ හෝ වෙනත් බලයලත් නිල ආයතනයක් මේ ධීරයන්ගේ සුබ සාධන කටයුතු ගැන සොයා නොබලන තත්ත්වයක් තුළ ලංකාවේ මිනිස්සු කරන මේ කැපවීම ගැන ධිවරයන් කතා කරන්නේ දැඩි සෙනෙහසකිනි.
අනිත් බෝට්ටුවත් අල්ලපු දවසෙ ඉදලමයි අපි අල්ලපු දවසෙ ඉදලමයි වැඩියෙන්ම විශ්වාසෙන් කතා කළේ රත්තරන් ඇමතිතුමාට.එයා අපිව බේර ගන්නවා කිව්වා
රත්තරන් නොහොත් රෝහිත අබේගුණවර්ධන බේරුවල ප්‍රදේශයේ ආණ්ඩුවේ දේශපාලන බලධාරියා ය.ඔවුන් තවමත් ඒ විශ්වාසය ඉවත් කරගෙන නැත.මේ ගතවන තත්පරයේ අප දෙනු ලැබූ දුරකතන ඇමතුමට පවා ඔවුන් පිළිතුරු දක්වන්නේ කතා කරන්නේ රත්තරන් ඇමතිතුමාගේ පණිවිඩයකට බව විශ්වාස කරගෙනය.
පොඩි අවුලක් තියෙන්නෙ එම්බසියෙන් කියනවා කවද යන්න වෙයිද දන්නෙ නැහැ කියලා.
ඔවුන් හමුවට පැමිණි මාල දිවයින තානාපති කාර්යාලයට සම්බන්ධ නිලධාරින් පවසා තිබෙන්නේ මේ සිදුවිමේ සැබෑ තත්ත්වය විය හැකිය.නමුත් ඒ නිලධාරීන්ගෙන් ඉහළට ගිය රාජය තාන්ත්‍රික මැදිහත්විමකින් මේ පවතින තත්ත්වය හමුවේ මේ ධිවරයන්ව මාල දිවයින ගොඩ බිමට ගත නොහැකිනම් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යම් සහනදායි පිලිවෙතකට ඒමට රජයට හැකියාව ඇත.
මේ ස දහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්විමක් අත්‍යවශ්‍යය වන්නේය.ධිවර අමාත්‍යංශය අමතා අප මේ පිළිබඳව එහි ඉහළ නිලධාරියෙක් විමසූ අවස්ථාවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් එස්.ජේ.කහවත්තගේ සහ අධ්‍යක්ෂ නිහාල් පාලිතගේ දුරකතන අංක ලබා දුන්නද ඒවා නාද වන දුරකතන පමණය.අඩුම තරමේ නිලධාරීන් නැත්නම් පණිවිඩය ගන්න හෝ කෙනෙක් නැත.
එතෙර මුහුදක් මැද අසරණව සිටින ධීවරයන් 12 දෙනෙක්ට වඩා බොහෝ විට ධීවර කේෂ්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන්න බොහෝ වැඩ කටයුතු ඔවුන්ට තිබෙන්නට හැකිය.එහෙත් අපි එම ධිවරයන්ටද මේ දුරකතන අංක ලබා දෙන්නට ක්‍රියා කළේ අපට බොහෝ කාර්යයන්ට වඩා අනතුරක මුව විට සිටින එක ජීවිතයක් හෝ වටින බැවින්ය.
මාලදිවයින ගොඩ ද මුහුද ද කියා නැත,උදව්වට එන්න සහෘදයෙක් නොදැනම ආදරය සමඟ මේ ධිවරයෙකුට කොවිඩ් ද ප්‍රදානය කර ගියහොත්….?එහෙත් ඒ ලැබෙන ආදරය ලෝකයක් තරමට විශාලය.මාතෘභූමිය ගැන හැ ගිමෙන් පිරුණු ඒ සහාදකම මරණයටවත් බය නැති තරම් එඩිතරය.තමන්ගේ ආහාර වේලත් අහිමි වේ ද යන සැකයෙන් ජිවත්වන මාල දිවයින ලාංකිකයන් ලාංකේයත්වය කුමක්ද කියන හැඟිම එම ධිවරයන් දොළොස් දෙනාගේ හදවත් අතර පමණක් නොව තෙතැති හදැති සමස්ත ලාංකිකයන්ගේ හදවත් තුළ ආලේපනය කරමින් සිටිති.
මේ ධිරයන් ගැන ඊට ඉහළින් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක්ම හමු වෙයි.ඒවා මාල දිවයින රජයෙන් ඇසිය යුතුය
ඔවුන් නිරෝධායනය වන්නේ මහ මුහුද මැදද?ලෝකයම වෙනස් විදිහකට සිය රටවල රටාවන් වෙනස් කර තිබේ.මාල දිවයින වැනි ලංකාවට බෙහෙවින් සමිප මිත්‍රශිලි රටක හිතවත් කම මේ මිනිස් ජීවිතවල වටිනාකම වෙනුවෙන් භාවිතා කරන්නට රජයට වගකිමක් තිබෙන බව අපි සිතන්නෙමු.
අපි මාළු අල්ලන්න ආවෙ නැහැ.වතුර සැඩ වෙලා පා වෙලා ආවෙ.අපිව අල්ල ගත්තෙ මාල දිවයින ධීවරයෝ ටිකක්.ඒ අය තමයි ආරක්ෂක අංශවලට භාර දුන්නෙ.
එක් බෝට්ටුවක තරුණයෙක් සිය අත්දැකීම විස්තර කරන්නේය.
ආපු හැටි කෙසේද යන්න දැන් වැදගත් නැත.මාල දිවයිනට මේ මනුස්ස ජීවිත ගැන මහ මුහුදේ සැඩ අතර රඳවා තබා නොගෙන ගත හැකි නිතිමය ක්‍රියා මාර්ග මානුෂික විදිහට ගැනීමට කීමට හෝ හැකියාව රජය සතුව පවතින්නේය.නීතිමය තත්ත්වය එකකි.වරදකරුවෙක්ද මිනිසෙක් ලෙස සළකා ක්‍රියා කළ යුතුය.එයද නිතියකි.වගකීමකි.මිනිස් යුතුකමකි.ඒ වෙනුවෙන් මැදිහත් වෙන්නට රජය,ධිවර පරිපාලනය හෝ මේ ධිවරයන් විශ්වාසයෙන් බලා සිටින රෝහිත අබේගුණවර්ධන පෙරට ආවද අපි ඔවුන්ට ආහිර්වාද කරන්නෙමු.අකුරුවලින් කොන්දේසි විරහිතව දිය හැකි උපරිමය මේ මිනිස් ජිවිත 12 වෙනුවෙන් ලබා දෙන්නෙමු.
කරදිය තුල කරවෙමින් දියවෙමින් තිබෙන මේ මිනිස් ජීවිත 12 ගැන වඩාත් වගකිමකින් හිතන්න පුළුවන් හැඟිම් පහළවෙන හදවත් වගකිවයුත්තන්ට පහළ වේවා යන්න අපේ පැතුමය.මේ ප්‍රවෘත්තියේ දැක්වෙන්නේ අත් අඩංගුවේ තිබෙන ධිවර යාත්‍රා දෙකය.පහතින් දැක්වෙන්නේ එම ධිවරයන් පිරිසය.

No description available.

Recommended For You

About the Author: Editor