බුද්ධ ශාසන ඇමතිකම ජනපතිට ගන්න කියා අධිකරණයෙන් කියන්න. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බුද්ධ ශාසන අමාත්ධූ‍ය ධූරය ජනපති විසින් දරිය යුතු යැයි ප්‍රකාශයක් කළ යුතු යැයි ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන,ශ්‍රේෂ්ඨාධිකරණයට අද (අගොස්මුතු 17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.
ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍ය ධූරයද වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත පැවරීමට සූදානමක් ඇති බව දැනගන්නට ලැබි ඇති බවත්, එවැනි තත්ත්වයක බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත තිබීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවන බව පෙත්සම්කරු එම පෙත්සම මඟින් පෙන්වා දෙයි.
මේ පෙත්සමේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ,දිස්ත්‍රික්කයක ඡන්ද දායකයන්ගේ ඡන්දයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරයෙකු මෙන් නොව ජනාධිපතිවරයා මුලු රටේම ජනතාවගේ සෘජු ඡන්දයෙන් පත්වන හෙයින් ආරක්ෂක අමාත්‍ය ධූරය හා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා විසින් දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කළ යුතු බවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10 සහ 12 – එක ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් හෝ උල්ලංඝණය කිරීමට අත්‍යාසන්න කිරීමක් එසේ නොකිරිමෙන් සිදුවන බව පෙන්වා දෙන පෙත්සම්කාර නිතිඥයා,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යන්න අනුව ක්‍රියා නොකර සිටීමක්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියා ද වී සිටියදී බුද්ධ ශාසන අමාත්‍ය ධූරය නොදැරීමෙන් සිදුවන බවද පෙන්වා දෙන්නේය.
නමුත් මෙම පෙත්සමේ වගඋත්තරකරු ජනාධිපතිවරයා නම් කර නැත. ඒ වෙනුවට නම් කර තිබෙන්නේ නිතිපතිවරයාය.

Recommended For You

About the Author: Editor