විදෙස් ශ්‍රමිකයන්ට අලුත් අවස්ථා, – ප්‍රියංකර ජයරත්න වැඩ භාර ගනිමින් කියයි.

තවමත් ලාංකික ශ්‍රමිකයන් ග්‍රහණය කර නොගත් රටවල් සඳහා ද ශ්‍රමිකයන් යොමු කිරීමට කටයුතු කරන බව පවසන විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර
ජයරත්න, විවිධ රැකියාවල නියුතු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු ඇතුළත් අංග සම්පූර්ණ දත්ත ගබඩාවක් සෑදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පවසනවා.
නාරාහෙන්පිට සිය අමාත්‍යාංශයේ දී අද (අගෝස්තු 17) සිය රාජකාරි අරඹමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.එහි අරමුණ එම ශ්‍රමිකයන්ට හෝ එම පවුල්වලට අවශ්‍ය කිසියම් සහනයක් හෝ මැදිහත්වීමක් ක්ෂණිකව ලබා දීම බද අමාත්‍යවරයා මෙහිදි තව දුරටත් පැහැදිලි කළේය.
වෙනත් නව තාක්ෂණික ශ්‍රම වෙළෙඳපළ ද,සාම්ප්‍රදායික විදෙස් වෙළඳපල ඇති රට වලට අමතරව සොයා යාම සිය අමාත්‍යංශයේ අරමුණ බව පැහිැදිළි කළේය

Recommended For You

About the Author: Editor