ජපාන‍යේ 5000 සීමාව සැප්තැම්බර් දක්වා දිගු වෙයි

ජපානය ක්‍රීඩා තරඟයක ප්‍රේක්ෂකයන් සංඛයාව 5000 සිමාවේ රදවන්නට ගත් තීරණය සැප්තැම්බර් මස දක්වා ක්‍රියා කිරීමට තිරනය කර ඇත.ඒ අනුව නිපොන් වෘත්තිය බේස්බෝල් ක්‍රීඩා තරඟාවලිය මෙන්ම ජපානයේ වෘත්තීය පාපන්දු තරඟාවලිය වන ජේ – ලීග් තරඟාවලියද ප්‍රේක්ෂකයන් 5000 සිමාව තබා ගෙන ක්‍රියාවට නැඟෙනු ඇත.
එළැඹෙන වසරේ පැවත්වෙන ඔලිම්පික් තරඟාවලියේ සත්කාරකත්වය දරන ජපානය කොවිඩ් 19 ආසාධිතයන් සහ පැතිර යාම සම්බන්ධයෙන් විශාල අවදානයක් යොමු කරන අතර දැනට එරටින් වෛරසය ආසාධනය වූ 53,000 වැඩි සංඛ්‍යාවක් සහ මරණ 1085 ක් වාර්තා වී ඇත.ඔවුන් ටෝකියෝ නුවර සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන අතර එහි රෝගින් ප්‍රමානය 17,000 ඉක්මවයි.වාර්තා වි ඇති මරණ සංඛ්‍යාව 338 කි.
ටෝකියෝ නුවර ඔලිම්පික් තරඟාවලිය පැවත්වෙන බැවින් දැඩි අවධානයක් එම නගරය කෙරෙහි යොමු කර තිබෙන අතර එහි නගරාධිපතිවරයා නිවාඩු දිනවල සංචාර නොයන ලෙසත්, සියගම්බිම් බලා යාමෙන් වළකින ලෙසත් සිය නගරවැසියන්ගෙන් ඉල්ලිමක් කර ඇත.එමෙන්ම මත්පැන්හල් ද රාත්‍රී 10 ට පසුව වසා තැබීමට උපදෙස් දි ඇත.
ඡායාරූපයේ ප්‍රේක්ෂකයන් ජේ – ලීග් තරඟාවලියක් නරඹන අයුරු දැක් වේ.

Recommended For You

About the Author: Editor