
විදුලිය විසන්ධි වීම ජල සැපයුමටද බලපෑමක් එල්ල කර තිබෙන බැවින්,ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම වැදගත් බව ජල සම්පාදන මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙයි.මේ තත්ත්වය විදුලිජනන යන්ත්‍ර නොමැති ජල පොම්පාගාරවලින් ජලය පොම්ප කිරීමේ දුෂ්කරතා මතු කර තිබෙන බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
පවතින තත්ත්වය මත ජල සැපයුමද ඇණ හිටි තැන්වලින් යළි ජලය සැපයීමට විදුලිය ලැබි පැය 3 – 5 ත් අතර කාලයක් ගතවෙනු ඇති බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය