විදුලියට මොකද වුණේ?සතියකින් උත්තර බඳින කමිටුවක්

අගෝස්තු 17 වන දින පුරා දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බලන්නට .මා අමාත්‍යංශ ලේකම්වරියට කළ දැණුම් දීම අනුව විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවත්,එම කමිටු වාර්තාව සතියකින් ලබා දීමට නියෝග කර තිබෙන බවත් විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම පෙන්වා දෙයි.
මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව පවසන අමාත්‍යවරයා එවැන්නකට කිසිඳු ඉඩක් නොමැති බව පවසයි.2016 දී ද මෙවැනිම සිදුවීමක් සිදුව ඇති බව පෙන්නා දෙන ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක වීම හෝ නොවීම ගැන අතීතයට බලපාන පරිදි වගකීමට තමාට හැකියාවක් නැති බව ද පැවසීය.නමුත් මේ සිදුවීම සම්බන්ධයෙන් පත්කරන කමිටිුවේ වාර්තාව සමබන්ධයෙන් තමා වගකීමට බැඳී සිටින බවද විදුලිබල අමාත්‍යවරයා පැහැදිළි තළේය.

Recommended For You

About the Author: Editor