කුරුණෑගල නගර සභාවෙන් බුවනෙකබාහුට විරුද්ධව නඩු කියන්න තුෂාරට ලක්ෂ 21 ක්

දෙවන බුවනෙකබා රජ සමයට අයත් රාජ සභා මණ්ඩපයට හානිවන අයුරින් ක්‍රියා කිරීමට විරුද්ධව කුරුණැගල නගරාධිපති තුෂාර සංජීවට විරුද්ධව පවරා ඇති නඩුවක් වෙනුවෙන් නගර සභාවෙන් නඩු ගාස්තු හැටියට රුපියල් 2,180,000 මුදලක් අනුමත කරන්නට නාගරික මන්ත්‍රීවරු බහුතරයක එකඟතාවය පළ වී තිබේ.
නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙම මුදල ගෙවීම සඳහා යෝජනාව ගෙනා අතර පුරා විද්‍යා වටිනාකමක් සහිත දේපළකට හානි කිරිම සම්බන්ධයෙන් වන මේ නඩුවට නගරසභාවේ මුදල් නඩු ගාස්තු ලෙස යෙදවීම සම්බන්ධයෙන් නගර සභාවේ ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් දෙදෙනා සහ එජප මන්ත්‍රීවරුන්ද,හිටපු නගරාධිපතිවරයාද සිය විරෝධතාවය පළ කර ඇතත් ඡන්ද විමසිමේදි එය ඡන්ද 13 – 3 ක් ලෙස සම්මත වි ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රජයේ කටයුතු වෙනුවෙන් ක්‍රියා කිරීම පැවරි ඇති නඩුවකට නඩු ගාස්තු ගෙවීමට අවසර පතමින්ය.චෝදනාව වී ඇත්තේ පුරා විද්‍යා වටිනාකම්වලට හානි සිදු කිරිමය.රජයේ කාර්යයක් ලෙස පුරා විද්‍යා වටිනාකම්වලට හානි සිදු කිරීමේ චෝදනාවෙන් ගැලවෙන්නට කුරුණැගල නගරසභා බල ප්‍රදේශයේ ජනතාවගේ බදු මුදලින් ලක්ෂ 21 ක් නඩු ගාස්තු ලෙස ගෙවීමට මහජන නියෝජිතයන්ගේ එකඟතාවය ලැබී ඇත්තේ නඩු කටයුත්ත පරාජය වුවහොත් යළි හම මුදල ප්‍රතිපූර්ණය කිරිමේ එකඟතාවය මතය.

Recommended For You

About the Author: Editor