
එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණිමට සුදුස්සා රනිල් වික්‍රමසිංහ බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර පවසනවා.
එක්සත් ජාතික පක්ෂය තුළ පත් කරන්නට බලාපොරොත්තු වන නව නායකත්වය ගැන අදහස් දැක් වූ මන්ත්‍රීවරයා එහි සුජාත නායකත්වය සජිත් ප්‍රේමදාස බවත් ඔහුට නායකත්වය ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියා.
අමාත්‍ය මණ්ඩලය පත් කිරිමේදී රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය බෙදි යාම ගැන ගැටළු මතු වි තිබෙන බවත්,විමලසිරි දිසානායක,විදුර වික්‍රමනායක වැනි අය මේ වන විටත් සිය කළකිරීම ගැන යම් යම් ඉඟි සපයා තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා අඟල් කපන්න,බතික් සඳහා ඇමතිවරු පත් කළද ආයෝජකයන් ගැන කටයුතු කරන්නට අමාත්‍යවරයෙක් පත් කර නැති බව ද පෙන්වා දුන්නා.
මෙම ඇමති මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක් වූ නලීන් බණ්ඩාර එය හැදින් වූයේ ආරම්භයේදීම කඩුල්ලක් දෙකක් දවා ගැනීමක් හැටියටයි.