බතික් අත්යන්ත්‍ර රෙදි නංවන්න සැළසුම් හදන්න – ජනපති කියයි

බතික් සහ අත් යන්ත්‍ර රෙදි කර්මාන්තය නඟ සිටුවන්න සියලු අංශ ආවරණය වන පරිදි සැසුමක් සකස් කරන ලෙස උපදෙස් ලබා දුන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ “සළු සළ” වැනි ආයතන මගින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදකයාට වෙළෙඳපොළක් සකස් කර දිය හැකි බව ද පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රාජ්‍ය අමාත්‍යංශ විෂය පථ සමාලෝචනය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සෙසු රටවල් ද යථා තත්ත්වයට පත් විය යුතු බවත්,එතෙක් රටක් ලෙස ඉදිරියට යෑමේ දි,දේශීය ආර්තිකය දියුණු කර ගත යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කළා.
රටේ සමස්ථ අපනයනයෙන් 43%ක් නියෝජනය කරන ඇඟළුම් කර්මාන්තය ඇමරිකානු ඩොලර් බිලියන 5ක් වාර්සිකව අපනයන ආදායමට එක් කරන බව කී ජනාධිපතිවරයා,රැකියා සැපයීමේ දී සහ ප්‍රාදේශීය සංවර්ධනයේ දී ඇඟළුම් කර්මාන්තය විසින් සිදු කරන පුරෝගාමි පියවරයන්ද අවධානයට ලක් කළා.ඒ ඔස්සේ යමින් බතික් සහ අත් යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තයන්ද ශක්තිමත් කිරිමට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නා.

Recommended For You

About the Author: Editor