රන්දිකගේ ශතකය ඟඟට ඉණි වෙයි

චිලව් මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 294 ඉලක්කයක් හඹා ගිය යුද හමුදා කණ්ඩායමේ අශාන් රන්දික ආරක්ෂාවට වඩා ආක්‍රමණය ගැන විශ්වාසය තබමින් දියත් කළ සුපිරි ඉණිම පන්දු තමන් මුහුණ දුන් 84 වන පන්දුවේදි නිමා වෙද්දී ඔහු ඉදිරියේ ලකුණු 133 ක් සටහන් වී තිබුණා.නමුත් සෙසු පිතිකරුවන්ගේ සහය මෙන්ම කඩුල්ල රැක ගැනීම ද සිදු නොවූ බැවින් තරඟය නිමාවට පත් වුණේ ජයග්‍රහණයට ලකුණු 45 ක් මෙපිටින් ලකුණු පූවරුව 249 ක් ලෙස තිබියදී සියල්ල දැවෙමින් චිලව් මේරියන්ස් කණ්ඩායමට තරඟයේ පූර්ණ ජයග්‍රහණය හිමි කර දෙමින්.
පී.සරා ඕවල් පිටි­යේදී පැවති මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් හලා­වත මේරි­යන්ස් පිල සිය පළමු ඉනි­මට ලකුණු 269ක් රැස් කළා.යුද හමුදා පිලට පළමු ඉනි­මේදී ලබා­ගත හැකි­වූයේ ලකුණු 216ක් පමණි. අන­තු­රුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ හලා­වත පිල ඊයේ උදෑ­සන ලකුණු 241කට දැවී ගියේ ජය­ග්‍ර­හ­ණය සඳහා ලකුණු 295ක ඉල­ක්ක­යක් ලබා ගන්නා ලෙස යුද හමුදාවට පවරමින්.

මේ අතර ඇන්ජලෝ මැතිවිස්,දිල්රුවන් පෙරේරා,අවිශ්ක ප්‍රනාන්දු,සදීර සමරවික්‍රම,අකිල ධනංජය වැනි නමගිය ක්‍රීඩකයන්ගෙන් පිරුණු කෝල්ට්ස් කණ්ඩායමට රාගම කණ්ඩායම ඉදිරියේ ලකුණු 102 ක පරාජයක් විඳින්නට සිදු වුණා.එහිදී කෝල්ට්ස් පළමු ඉණිම ලකුණු 163 සීමා කරමින් ශෂික දුල්ෂාන් ලකුණු 45 ට කඩුලු හයක් දවා ගැනීම කැපී පෙණුනා.මාතර ශාන්ත ස්ර්වේශස් විදයාලයෙන් බිහි වූ 20 හැවිරිදි මේ වමත් දඟ පන්දු යවන්නා ගේ එම දස්කම නිසා පළමු ඉණිමට ලකුනු 258 ක් රැස් කළ රාගම කණ්ඩායම ලකුණු 95 ක පළමු ඉණිමේ වාසියක් හිමි වුණා.

සීසීසි පිටියේ පැවැති මේ තර­ගයේ පළ­මු ඉණිම් ඒ ආකාරයෙන් හමාර වූ අතර අන­තු­රුව දෙවන ඉණිම සඳහා ලකුණු 220ක් රැස් කළ රාගම පිල ජය­ග්‍ර­හ­ණය සඳහා ලකුණු 316ක ඉල­ක්ක­යක් කෝල්ට්ස් පිලට ලබා දුන්නා. නමුත් කෝල්ට්ස් පිල ලකුණු 212කට සීමා වුණා.
සුපර් එයිග්ට් වටය ඇරඹි ඉකුත් සතියේ එකම පූර්ණ ජයග්‍රහණය වාර්තා කළ සීසීසී කණ්ඩායමටද සම්පූර්ණ තරඟ පරාජයකින් ගැලවීමට සෑහෙන උත්සාහයක් ගන්නට සිදු වුණා.ඒ සැරසන්ස් කණ්ඩායම ඉදිරිපිටයි.තරඟයේ වැඩි ගෞරවය සැරසන්ස් කණ්ඩායම හිමි වූ මේ තරඟයේදී එම කණ්ඩායමේ නායක මිලින්ද සිරිවර්ධන ඉණිම දෙකේදීම ප්‍රවේගකාරි ලෙස පිත්ත හසුරවමින් පළමු ඉණිමේ දී පන්දු 88 න් ලකුණු 89 ක් ද,පන්දු 180 න් ලකුණු 151 ද ගෙන කැපී පෙණුනා.

කොළඹ එස්එස්සි පිටියේ පැවති ඒ තරඟය මෙන්ම කටුනායක නිදහස් වෙළඳ කළාප පිටියේ පැවති බීආර්සී කණ්ඩායම සහ එන්සීසී කණ්ඩායම අතර තරඟයද ජය පරායෙන් තොරව නිමා වුණා.නමුත් එම තරඟයේදීද බීආර්සී කණ්ඩායමට තරඟයේ වැඩි ගෞරවය හිමි වූ අතර තරඟය නවතා දමන විට එන්සිසී කණ්ඩායම පරාජයට අතිශයින් සමීපව ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලැබුණු 281 ඉලක්කයෙන් කඩුලු 9 ක් දැවි ගබාගෙන සිටියේ ලකුණු 227 ක් පමණයි.
ඡායාරුපයේ දැක්වෙන්නේ සති අන්තයේ පරාජය ජයග්‍රහණයක් බවට පත් කරන්නට ප්‍රවේගකාරී වූ ත් කල්පනාකාරි වූත් ඉණිමක් යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අශාන් රන්දිකයි.

Recommended For You

About the Author: Editor