මත් රස පස්සෙ ගිය තවත් රස පරීක්ෂක සේවකයෙක් අත් අඩංගුවට

රස පරීක්ෂණ දෙපාර්තමේන්තු රසායනාගාර සේවකයෙක් මත් දුව්‍ය සමඟ අත් අඩංගුවට ගත් අතුරුගිරිය පොලිසිය,ඊයේ (17) සවස එම දෙපාර්තමේන්තුවේම තවත් සේවකයෙක් පොලිස් අත් අඩංගුවට ගත්තේ හෙරොයින් සහ අයිස් මත් ද්‍රව්‍ය සමඟයි.
මෙසේ අත් අඩංගුවට පත් රස පරීක්ෂණ දෙපාර්තමේන්තු සේවකයා සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 15 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සොයා ගනු ලැබුවා.එසේම එම මත්ද්‍රව්‍ය සමඟ ඒවා මනින්ට යොදා ගන්නා බවට සැක කරන තරාදියක්ද පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙන්නේ ඔහු ගමන් කළ යතුරු පැදිය ද සමඟයි.

Recommended For You

About the Author: Editor