
ජනාධිපතිවරණ සමයේ විධිමත් ලෙස ඉල්ලුම්පත් කැදවා,සම්මුඛ පරීක්ෂණ තබා රැැකියාවට බඳවා ගැනීමට නියමිතව සිටි සහකාර ව්‍යාපෘති නිලධාරී පත්වීම් ද නව රජයේ එක් ලක්ෂ පනස් දහසක රැකියා සමඟ ලබා දිය යුතු බව මාතලේ දිස්ත්‍රික් සමඟි බලවේගයේ මන්ත්‍රී රෝහිණි කවිරත්න පවසනවා.
මාතලේ හපුගස්පිටියේ පැවති රැස්වීමක් අමතමින් මේ අදහස් ඉදිරිපත් කළ මන්ත්‍රීවරිය,උපාධිධාරී සහ අඩු ආදායම්ලාභි 150 000 ට රැකියා ලබා දීම හොඳ දෙයක්.නමුත් ඒ ආකාරයටම මැතිවරණ කොමිසම නැවත් වූ සහකාර ව්‍යාපෘති නිලධාරී පත්වීම් ද ලබා දිය යුතු වෙනවා යැයි ද පැවසුවාය.
ඇය පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසම විසින් පත්වීම් වර්ග තුනක් නැවත් වූ බවය.ඉන් දෙකක් මැතිවරණයෙන් පසුව දැන් ජනාධිපතිවරයා ක්‍රියාවට නඟන්නට සූදානම් වුව ද,ව්‍යාපෘති සහකාර තනතුරු සදහා බඳවා නොගැනීම අසාධාරන බවත්,එම තත්ත්වය ජනාධිපතිවරයාට අවබෝධ කර දීම මැතිවරණ කොමිසම විසින් සිදු කළ යුතුව ඇතැයි ද මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.
මැතිවරණ කොමිසම ඡන්දෙට නවත්තපු පත්වීම් වර්ග එකක් නවතා දෙකක් දෙන බව පැවසූ රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය රට එක රටක් එක නීතියක් නොව එක රටක් නති ගොඩක් වි ඇති බව පැවසුවාය.