අද පෙරවරුවේම විදුලියි බිදුණු හැටි හොයන කමිටුව රැස් වේ

ඊයේ (17) දිනයේ දිවයිනට බලපාන පරිදි විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා විසින් පත් කරන්නට යෙදුණ මහාචාර්ය රාහුල අතලගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කමිටුව අද පෙරවරු 8.30 ට රැස්වීමට නියමිතය.
දින හතක් තුළ වාර්තාවක් ලබා ගැනීමේ අදිටනෙන් පත් කරන ද මේ කමිටු වාර්තාවට පෙර විදුලි බල මණ්ඩලයට දින තුනකින් සංක්ෂිප්ත වාර්තාවක් ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම් සභාව දැණුම් දී ඇත.
මෙම විදුලිය බිඳ වැටීම සිදු වී ඇත්තේ කෙරවලපිටිය උප පොළෙහි අලුත්වැඩියාවක් අතරතුර බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.එහා අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවය.එම වාර්තාව මහජන උපයෝගිතා කොමිසම සංක්ෂිප්ත වාර්තාව ඉල්ලා කර ඇති දැණුම් දිමකට අනුව සැකසෙනු ඇත

Recommended For You

About the Author: Editor