
නාගරික සංවර්ධන අධිකාරියේ, මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ සැලසුම් නිලධාරියෙක් රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබා දීමට අවශ්‍ය ලියකියවිලි සැකසීම සඳහා අල්ලස් ලෙස ඉහත මුදල ලබා ගන්නා අවස්ථාවේය